කාසල් රෝහලේ සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් වීදුරු නළ තුළ සංසේචනය (IVF) සඳහා රසායනාගාර හා ශල්‍යාගාර පහසුකම් ඇතුළත් වන පරිදි මඳසරුභාවයෙන් යුත් විවාහක යුවල සඳහා සේවා සැපයීමට සහායක ප්‍රජනක ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙනම නව දෙමහල් ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීමට හා ඒ සඳහා වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වර්තමානයේ දී මෙරට පෞද්ගලික රෝහල් කිහිපයක පමණක් මෙම IVF ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක වන අතර, රුපියල් ලක්ෂ 10 සිට ඒ සඳහා අයකිරීම් සිදුකරනු ලබයි. ඇතැම් අවස්ථාවල දී මේ සඳහා වැයවන පිරිවැය රුපියල් ලක්ෂ 20-30 දක්වා ද ඉහළ යනු ඇත.