කැරට් 24 රන් පවුමක් 185,000/- යි

    March, 28, 2022

    මේ වන විට මෙරට රත්‍රං මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.

    ඒ අනුව අද (28) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 185,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    එසේම කැරට් 22 රන් පවුමක මිල රු. 170,000 ක් පමණ වන බව සඳහන් ව ඇත.

    මේ අතර වෙළෙඳපොළේ දැඩි රත්‍රං හිඟයක් පවතින බව ද වාර්තා වේ.