October, 8, 2020
කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට ඉදිරියට ගමන් ගැනීම පිළිබඳව ශක්‍යතා වාර්තාවකින් ලැබෙන ප්‍රතිඵල අනුව තීරණය කරනු ලබන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. අද (08) දින පාර්ලිමේන්තුවේ දී, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
මෙහිදී කරුණු දැක්වූ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා,
“දැනට කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. දැනට කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දියුණු කරනවා, ඊට පසු රත්නපුර දක්වා දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මූලික අදියර කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා.“
පා.ම. වරුණ ලියනගේ - අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා දුම්රිය මාර්ගය පටන් ගන්නවාද, නැද්ද?
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ - KV ලයින් එක දැනට අවිස්සාවේල්ල දක්වා යනවා. ඉන් ඉදිරියට යාම පිළිබඳව ශක්‍යතා වාර්තාවක් අරගෙන ඒකේ ලැබෙන ප්‍රතිඵල අනුව තමයි ඒ තීන්දුව ගන්නේ.
Video Story