කැල්ටෙක්ස් ‘මහ මගට යහ මගක්‘ ශක්තිය වැඩිවෙයි VIDEO

    October, 21, 2016

    මෙරට මාර්ග ආරක්ෂාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය වසර 12 ක කාලයක් පුරාවට ක්‍රියාත්මක වූ කැල්ටෙක්ස් ‘මහ මගට යහ මගක්‘ වැඩසටහන පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්විණි.

    මෙහිදී කැල්ටෙක්ස් ‘මහ මගට යහ මගක්‘ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ශාන්ත තෝමස් විද්‍යාලයේ 82 වන කණ්ඩායම සහ TV දෙරණ, ෂෙව්රොන් ලංකා ලුබ්රිකන්ට්ස් පීඑල්සී සමඟ අත්වැල් බැඳ ගනු ලැබීය.

    මෙම අවස්ථාවට එක් වූ ෂෙව්රොන් ලංකා ලුබ්රිකන්ට්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ කිෂූ ගෝමස් මහතා පැවසුවේ, මෙම ජාතික වැදගත්කමක් ඇති වැඩසටහනේ ශක්තිය විශාල කර ගැනීමට මෙවර කටයුතු කරනු ලැබූ බවයි.

    එසේම මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ TV දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා, සියලු දෙනා එක්ව දරන මෙම ප්‍රයත්නය ජයග්‍රහණයක්ම වේවා යැයි ප්‍රාර්ථනා කරන බව කියා සිටියේය.

    https://www.youtube.com/watch?v=pUEKp7Er-_E