කැලින් වසර 5ක සිය ගමන්මග සමරයි

    October, 7, 2024

    කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවීම නිමිත්තෙන් ඒ ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය උත්සවයක් ඔක්තෝබර් පළවන දින කොළඹ ෂැංග්‍රිලා හෝටල්  පරිශ්‍රයේදී ඩෙල්මා ලංකා සමාගම විසින් පවත්වන ලදී.

    ඩෙල්මා ලංකා ආයතනයේ නිර්මාතෘ ලේල්වල G. පියනන්ද, කළමනාකාර අධ්‍යක්ෂක උමේෂ් ගොඩකන්ද, අධ්‍යක්ෂිකා චතුරිකා ජයසේකර,
    යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් විය.

    කැලින් ආයතනයේ වෙළඳ නියෝජිතයින්, වෙළඳ හවුල්කරුවන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි විය. තවද කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී විය.

    කැලින් වෙළඳ සන්නාමයට වසර 5ක් පිරීම නිමිත්තෙන්, කැලීන් baby සබන් සඳහා SLS සහතිකය හිමිවීම වෙනුවෙන්, අලුතෙන්ම බේබි සබන් නිෂ්පාදන 10ක් වෙළඳපලට ඉදිරිපත් කිරීම වෙනුවෙන් සහ කැලීන් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන සුවඳ සබන් නිෂ්පාදනය බවට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

    නැටුම් ගැයුම් සහ හාස්‍ය රංගන වැඩසටහන් ඇතුළු අංග ගණනාවකින් උත්සවශ්‍රීයෙන් යුතුව මෙම අවස්ථාව පැවැත්විණ.

    ඔක්තෝම්බර් පළවෙනිදා යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව කැලීන් බේබි සබන් සඳහා නව සත්ව රූප 10ක් අඩංගු සබන් නිෂ්පාදන පෙළක්ද වෙළඳපළට ඉදිරිපත් කිරීමට මෙහිදී කටයුතු යොදා තිබිණි.

    කැලින් Baby ✿ Almand, ✿ Floral, ✿ කොහොඹ යන සබන් හා සත්ව රූප හැඩ 15කින් එන ✿ Milky, ✿ Creamy, ✿ Olive යන සියලුම බේබි සබන් SLS තත්ත්ව සහතිකය හිමිකරගෙන තිබිණි. කැලින් Baby සබන් මිල රු.90/- සිට පාරිභෝගිකයින්ට දැන් වෙළඳ පොලෙන් මිල දී ගත හැක.

    ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට නිසි ප්‍රමිතියෙන්, ගුණාත්මකභාවයෙන් යුතු හොඳම සබන් කැටය පාරිභෝගිකයාට ලබාදීම කැලින් ආයතනයේ අරමුණ බව මෙහි දී කියවින. ඒ අනුව ඔවුන් දරුවන් සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් නිෂ්පාදනය ලෙස කැලින් බේබි සබන් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කර  තිබේ. කැලින් බේබි සබන් මේ වන විට පහත සඳහන් අනුමැතීන් සහ තත්ත්ව සහතිකයන්ද හිමිකරගෙන තිබේ.

    * SLS Certified (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 547 තත්ත්ව සහතිකය හිමිව ඇත.)
    * TFM අගය සියයට 78% ට වඩා වැඩියි.
    * ISO 9001: 2015 Certified Company
    * ISO GMP 22716: 2007 Certified Company
    * NMRA Registered. (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ඇත.)
    * IFRA Approved Perfumes. (ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමයේ අනුමත සුවඳකාරක පමණක් භාවිත කෙරේ.)
    * ISO EMS 14001 Certified.
    * HACCP Certified.
    * හානිදායක රසායනික ද්‍රව්‍ය කිසිවක් එකතුකර නැත.