කිරි ගොවිපොළෙන් ජීවිතය ජයගත් අපේ කාලයේ ව්‍යවසායිකාව

    December, 5, 2017

    මෙවන් දේශීය කිරි ගොවීන්ගේ  ජීවන  තත්වය නංවාලීමට දශක දෙකක් පුරා  අත්වැලක් වූයේ  ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශී‍්‍ර ලංකා සමාගමයි

    ජීවය නිර්මාණය කරමින් අනාගත ලෝකය  ගොඩනගන්නේ ගැහැණිය නමින් විරුදාවලිය ලත් ඇයයි. නිවසට සතුට, සෞභාග්‍යය, වාසනාව හා ධනය රැුගෙන එන ශි‍්‍ර‍්‍රයා කාන්තාව වන්නේ ද ඇයමය. තමන් සතු ධෛර්යෙන් ශක්තියෙන් සහ නොපසුබස්නා උත්සාහයෙන් ඇයට ලෝකයක් දිනිය හැකිය.

    අතීතයේ දී බොහෝ කාන්තාවන් මෙම හැකියාවන් උපයෝගී කරගනු ලැබුවේ සාම්ප‍්‍රදායික මවගේ සහ ගෘහණියගේ භූමිකාව තුළ තමන්ට හමුවූ අභියෝගයන්ට මුහුණදීම සඳහාය. තමන්ගේ ශක්‍යතාවයන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නට කි‍්‍රයාකරන වර්තමාන කාන්තාව එම සාම්ප‍්‍රදායික භූමිකාවන් තුළ කි‍්‍රයාත්මක වන අතරම ලෝකය ජය ගන්නට නව මංපෙත් සොයමින් සිටී. මෙහි ප‍්‍රථිපලයක් ලෙස අදවන විට අතීතයේ පුරුෂ පාර්ශවයට පමණක් සීමා වූ ක්ෂේත‍්‍රයන් පවා අතික‍්‍රමණය කරන්නට ඇය සමත්ව තිබේ.

    ග‍්‍රාමීය කාන්තාව පවා මෙම නව වෙනස අත්විදිමින් සිටී. මවක් ගෘහණියක් ලෙස කි‍්‍රයාත්මක වන අතරම කාන්තා ව්‍යවසායිකාවන් බවට පත්වෙමින් තම ස්වාමි පුරුෂයාට මෙන්ම  පවුලට ද අත්වැලක් වෙමින්  ස්වාධීන කාන්තාවන් ලෙසින් සමාජයේ ඉදිරියට ඒමට ඔවුන් සූදානම්ය. ධෛර්යය, ශක්තිය තිබූ පමණින්ම  එම සිහිනය යථාර්තයක් බවට පත්කර ගැනීම අපහසුය. එයට නිවැරදි මඟ පෙන්වීමක් මෙන්ම සහයක්ද අවශ්‍ය වේ. එය රාජ්‍ය අංශයට පමණක් තනිව කලහැකි කාර්යයක් නොවේ. පෞද්ගලික අංශයේ සාධනීය  ආයතන ද ඒ සඳහා අවශ්‍ය සහය ලබාදීම අත්‍යවශ්‍ය වේ.

    ශී‍්‍ර ලාංකීය කිරි ගොවීන්ගේ  ජීවන  තත්වය ඉහල නංවාලීමට නිබඳව  සහය ලබාදෙන ආයතනයක් ලෙස ඇන්කර් වෙළඳනාමය හිමි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශී‍්‍ර ලංකා සමාගමට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. තමන් උපන් බිමට බරක් නොවී නැගී සිටීමට වෙරදරන මෙරට කිරි ගොවීන්ගේ නැවුම් කිරි අස්වැන්න වසර විස්සකට අධික කාලයක සිට මිල දී ගනිමින් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශී‍්‍ර ලංකා සමාගම ඔවුනට ලබාදෙන සහය අති ප‍්‍රශංසනීය වේ. එම දිරියෙන්  තම හැකියාවන් ඔප් නංවාගෙන වසරක් ඇතුලත කිරි ගොවියෙක් ලෙස  සාර්ථකත්වයට පත් වූ අපේ කාලයේ  එක් කාන්තා ව්‍යවසායිකාවක් ලෙස  දොළුව ප‍්‍රදේශයේ පදිංවි අනූෂා රත්නායක මහත්මිය හඳුන්වාදිය හැකිය.

    ආදරණීය බිරිඳක් මවක් වන අනූෂා තමන්ගේ ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව මෙසේ අදහස් ප‍්‍රකාශ කළාය. මගේ ස්වාමියා රැුකියාව කරන්නේ කොළඹට අනුයුක්තව  යුධ හමුදාවේයි. මට වයස අවුරුදු නවයක  සහ දෙකක පුතුන් දෙදෙනෙක් සිටිනවා.  විවාහයෙන් පසුව නිවසේ සිටින විට එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට යම්කිසි ව්‍යපාරයක නිරතවීමේ අවශ්‍යතාවය මට ඇතිවුනා. ඒ අනුව කිරි ගොවිපොළක් ආරම්භ කරනු ලැබුවා. ඉතා කුඩාවට ආරම්භ කරනු ලැබූ එය පසුව විශාල ගොවිපොළක් බවට පත්කිරීමට මට හැකිවුනා. එයට සමඟාමීව නාවලපිටිය ප‍්‍රදේශයේ දියර කිරි එකතුකර අලෙවි කිරීම  ද  සිදුකලා.

    නමුත් දෙවන වරටත් මවක් වූ පසු සියල්ල කළමනාකරණය කරගැනීම අපහසුවීම නිසා තම ව්‍යාපාරයට තාවකාලික නැවතීමක් තබන්නට අනූෂාට සිදුවුනා. දෙවන දරුවා කෙමෙන් කෙමෙන් වර්ධනය වෙත්දී  විරාමයක් තැබූ  ව්‍යපාරය නැවත ආරම්භ කරන්නට ඇයට සිතක් පහල විනි.

    කිරි ගොවිපොළ නැවත ආරම්භ කිරීමට පෙර ෆොන්ටෙරා ආයතනයේ ප‍්‍රාදේශීය කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සිටින ෆොන්ටෙරා සැපයුම් සම්බන්ධතා නිලධාරීවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. ඔහු විසින් කිරි එළදෙනුන්ගේ  පෝශණ තත්වය දෛනිකව ගුණාත්මක ලෙස පවත්වාගෙන යන ආකාරය මෙන්ම ගැටගසා තැබීම වෙනුවට ක්ෂේත‍්‍රයේ නිදහසේ හැසිරීමට ඉඩ ලබාදීමේ වැදගත්කම පිළිබඳවත් මා දැනුවත් කලා. තවද මගේ කිරිවල ප‍්‍රමිතිය නිසි ආකාරයෙන් ආරක්ෂා වන අකාරයට නිවැරදිව කිරි දොවන ආකාරය පිළිබඳවත් උපදෙස් ලබාදුන්නා. මගේ කිරි නිෂ්පාදනයන්ට ඉහල මිලක් ලබාගැනීමට එය විශාල සහයක් වුනා.

    ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශී‍්‍ර ලංකා සමාගම දේශීය කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනයන් සාධාරණ සහ ලාභදායී මිලකට මිලදීගෙන ඔවුනගේ ඇන්කර් නිව්ඬේල් යෝගට් සහ දියර කිරි නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. මේ නිසා අපගේ කිරි නිෂ්පාදනයන් දිනපතා සාධාරණ සහ ලාභදායී මිලකට ඔවුන්ට ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. එය මම වැනි මෙරට කිරි ගොවීන්ට විශාල ශක්තියක් ධෛර්යයක්. ෆොන්ටෙරා ආයතනයේ සහයෝගයෙන්  ප‍්‍රදේශයේ සිටින සාර්ථකම කිරි ගොවිපොළ හිමි ව්‍යවසායිකාව බවට පත්වීමට මට හැකිවුයේ ඒ නිසයි.ඒ අනූෂාගේ සාර්ථකත්වයේ හඬයි.

    අනූෂා තමන් විසින්  පවත්වාගෙන යන කිරි ගොවිපොළෙන්  දිනකට දියර කිරි ලීටර් 15-20 ක් පමණ ලබා ගනියි. උදෑසන 6.00 ට අවදිවී තමන්ගේ කිරි ගොවිපොළේ වැඩකටයුතුවල නිරත වේ. මහා පරිමාණ වශයෙන් වානිජමය ලෙස කිරි ගොවිපොළක් පවත්වාගෙන යාම ඇයගේ අනාගත ඉලක්කයයි. කිරි ගොවිපොළේ වැඩකටයුතු අවසන් කරන අනූෂා පෙරවරු 7.00ට ප‍්‍රදේශයේ කිරි එකතු කිරීමේ  වැඩකටයුතු සඳහා පිටත් වේ. දිනකට දියර කිරි ලීටර් 40 ක් එකතු කිරීමෙන් ආරම්භකල අනූෂාගේ දියර කිරි එකතු කිරීමේ ව්‍යාපාරය  මේ වනවිට දිනකට  දියර කිරි ලීටර් 90 ක් දක්වා වර්ධනය වී ඇත. එය දිනකට දියර කිරි ලීටර් 300 දක්වා වැඩිකර ගැනීම ඇයගේ ඉලක්කයයි.

    තම ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ නිවසේ එදිනෙදා වියදම වෙනුවෙන් යොදවන අනූෂා ඉතිරිය නැවතත් තම කිරි ගොවිපොළෙ වැඩිදියුණු කරගැනීමට යොදාගනු ලැබේ. ව්‍යවසායකයෙක් බවට පත්වීමට වයස හෝ ස්තී‍්‍ර පුරුෂ භාවය බාධාවක් නොවේ. අවශ්‍ය වන්නේ කැපවීම සහ යහපත් පුරුදු පමණයි. පවුලේ සියල්ලන්ගේ  සමාන දායකත්වය ජීවිතයේ සාර්ථකත්වය තහවුරු කරනවා.වයස අවුරුදු තිහේදී ප‍්‍රදේශයේ සාර්ථකම ව්‍යවසායිකාව බවට පත්වී සියලූ කිරි ගොවීන්ගේ ගෞරවය හිමිකරගෙන සිටින අනූෂාගේ ආදර්ශ පාඨය එයයි.