කුඩා පරිමාන ගොවීන්ගේ ආදායම වැඩිකිරිමට FAO හා USAID සමඟින් ශ්‍රී ලංකා රජය එක්වෙයි

    March, 2, 2023

    ශ්‍රී ලංකා රජය, අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහල් පදනම් කරගත් ජීවපද්ධතීන්හි නිෂ්පාදනය වර්ධනය කිරීමටත් කුඩා පරිමාන ගොවීන්ගේ ආදායම වැඩිකිරිමටත් ක්‍රියාකරනු ලබයි.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය සමගින් එක්ව ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කළාපයේ සහල් පදනම් කරගත් ජීව පද්ධතීන්හි නිෂ්පාදනයන් සහ ඒවායේ ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීමටත් ක්‍රියාකරනු ලබයි.

    ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා යොදාගන්නා හෙක්ටයාර් 890000 ක භූමි ප්‍රමාණයෙන් සියයට හැත්තෑ පහක්ම කුඩා පරිමාන ගොවීන් විසින් වගාකරනු ලබයි. මේවායෙහි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට හැකියාව තිබෙන නමුත් ශ්‍රීි ලංකාවේ ප්‍රධානතම ජීිව පද්ධතීන් හි නිෂ්පාදනය (වියළි සහ අතරමැති කළාපයේ) පසුගිය අවුරුදු 10 කාලසීිමාවේදී වර්ධනය නොවීම හෝ අඩුවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබිණි. මෙය ආසියාවේ වී වගා කරන අනෙකුත් රටවල දක්නට ලැබෙන නිෂ්පාදනය වර්ධනයවීමේ තත්වයන්ට ප්‍රතිවිරුද්ධ තත්වයක් වේ.

    වියළි සහ අතරමැදි කළාපයේ වී නිෂ්පාදනය සියයට 10 කින් ඉහළ යන්නේ නම් ශ්‍රී ලංකාවට ටොන් මිලියන භාගයක අතිරේක නිෂ්පාදනයක් සිදුකළ හැකිවනු ඇත. නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි වඩාත් කාර්යක්ෂම වගාක්‍රමයන් හඳුන්වාදීමට හැකිවුවහොත් අඩු ජල ප්‍රමාණයක් හා අවම රසායනික ප්‍රමාණයක් යොදාගනිමින් සහ අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදනය ඉහළ නැංවිය හැකිය. වඩාත් කාර්යක්ෂම ගොවිතැන් ක්‍රම මගින් ආසන්න වශයෙන් වී වගාබිම් හෙක්ටයාර් 100,000 ක් වෙනත් බෝග වගාවට යොදාගැනීමටත් ශ්‍රී ලංකාව ආනයන මත රඳාපැවැතීම අඩු කිරීමටත් හැකිවනු ඇත.

    එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය , අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියා්ජිතායතනය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය වියළි සහ අතරමැදි කළාපයේ වී නිෂ්පාදනය ඉහළ නැවීමට සැලසුමක් සකස් කරනු ලබයි. මේ සම්බන්ධයෙන් වූු ආරම්භක වැඩමුලුවක් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් මැනිලා හි අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ (IRRI) ප්‍රවීන විද්වතුන් සහ පාර්ශවකරුවන්, ශ්‍රීි ලංකා රජය, අධ්‍යාපනඥයින්, කෘෂිකර්ම විද්‍යාඥයින්, සිවිල් සංවිධාන සහ පෞද්ගලික අංශය සමගින් පවත්වන ලදී. සහභාගිකයින් විසින් ගොවීන්ට වී නිෂ්පාදනය ඉහළ නැංවීිම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ කුසලතා වර්ධනය කරගැනීමට සාධනීිය වාතාවරණයක් සැකසීිම සඳහා වූ මාර්ග සිතියමක් මෙහිදී සකස් කරන ලදී.

    සහභාගිකයින් අමතමින් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රි ලංකාව සහ මාලදිවයින සඳහාවූ මෙහෙයුම් අධ්‍යක්ෂක ගේබි්‍රයල් ග්‍රවු ,කෘෂිකර්ම අමාත්‍යාංශය, පුද්ගලික අංශය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට පමණක් නොව ඉන් ඔබ්බට පවතින යහපත් ප්‍රතිඵල ගෙනදීමට හේතුවන බව පැවසුවේය. අපගේ ඒකාබද්ධ දිර්ගකාලීන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය යැපුම් මට්ටමේ සිට වෙළඳපළ පදනම් කරගත්, පෞද්ගලික අංශය විසින් මෙහෙයවන තරගකාරී එකක් බවට පත් කිරීමයි. මෙම අරමුණ ලගාකරගැනීම සඳහා නව තාක්ෂණයන්, වඩාත් කාර්යකෂම වගාක්‍රම සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ගේ දීර්ගකාලීන කැපවීිම අතිශය තීරණාත්මක වේ” .

    මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ,කෘෂිකර්ම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරලීම සඳහා කැපවීි ක්‍රියාකරනවා. එම අරමුණ ලගාකරගැනීිම සඳහා අපට නිෂ්පාදනය ඉහළ නැංවීිම සහ අතිරේක තොග පවත්වාගෙන අතර සහල් වෙළඳ පොල ස්ථායීිව පවත්වාගෙන යමින් ආනයන මත රඳාපැවීම අඩු කරගැනීමට අවශ්‍යවෙනවා. මෙම මුලපිරීිම යටතේ සංවර්ධනය කරන ලද සැලසුම මගින් සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හා ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ලබාදෙන අගනා සහයෝගය තුළින් මෙම අරමුණු දිනාගැනීමට අපට උපකාර වනවා. යැයි පැවසිය.

    "තාක්ෂණයට කිසිදා ගොවියාගේ තැන ගැනීිමට නොහැකි වනු ඇත. නමුත් තාක්ෂණික දැනුමෙන් යුත් ගොවියා තාක්ෂණික දැනුම නොමැති ගොවියා පරදවනු ඇති අතර එය සිදුවිය යුතුය. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ කොඳුනාරටිය වන්නේ කුඩා පරිමාන ගොවීන්ය. මෙම මුලපිරීම යටතේ කුඩා පරිමාණ ගොවීන් රාශියකට අවම බිම් ප්‍රමාණයක් සහ යෙදවුම් ප්‍රමාණයක් භාවිතා කරමින් නිෂ්පාදනය වැඩිකරගැනීමට අවශ්‍ය තාක්ෂණය සහ කුසලතාවන් ලබාදීමට අපි අපේක්ෂා කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය, සහ කුඩා පරිමාණ වීි ගොවීන්ගේ සහයෝගය ඇතිව මෙම ක්‍රියාකාරකම් සැලැස්ම මගින් ශ්‍රි ලංකාව ආහාර සුරක්ෂිතතාවය කරා යන මගට ස්ථාවරව යොමු කිරීමට අපිට හැකිවෙනවා” යැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රි ලංකාව සහ මාලදිවයන සඳහා වූ නියෝජත විමලේන්ද්‍ර ශරන් මහතා පැවසීය.

    මෙම වැඩමුලුවේදීි සකස්කරන ලද නිර්දේශ කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාට සති දෙකක කාලසීිමවක් ඇතුළත ඉදිරිපත් කරනු ඇති අතර මෙම වැඩපිළිවෙල අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත්ජනපද නියොජිතායතනය සහ ලෝක ආහාර වැඩපිළිවෙලේ අඛණ්ඩ සහාය සමගින් ක්‍රියාත්මක කරනු ඇත.