‘කුමාරිකා සොබා රුවැත්ති’ රට පුරා ගමන් අරඹයි

    June, 20, 2017

    කාන්තාවන් හට හිසකෙස් සඳහා ම නිපදවූ පරිපූර්ණ නිෂ්පාදන පෙළක් පිරිනමන මෙරට එකම සන්නාමයවන කුමාරිකා, සිය සේවාවන් කාන්තාව වෙතට ම ගොස් පිරිනැමීම සඳහා පසුගිය ජුනි මස 12වනදා සිය 'සොබා රුවැත්ති' ජංගම සැලුනයේ වීදි සංචාරය ආරම්භ කළේය.

    මෙහි පළමු අදියර ලෙස ජුනි මාසය පුරා වයඹ පළාතේ ප්‍රධාන නගර ආවරණය කෙරෙන අතර අනතුරුව ජුලි සහ අගෝස්තු මාස තුළ බස්නාහිර පළාතේ ද, සැප්තැම්බර් මාසය පුරා දකුණු පළාතේ ද 'කුමාරිකා සොබා රුවැත්ති' සංචාරය කිරීමට නියමිතය.

    මෙරට කාන්තාවන් වෙනුවෙන් පරිපූර්ණ හිසකෙස් සත්කාර අත්දැකීමක් ලබා දීම මෙම ජංගම සැලුනයේ මූලික ඉලක්කයයි. මීට අමතරව, විශේෂයෙන් කුමාරිකා වෙතින් අලුතින් හඳුන්වා දුන් ෂැම්පූ කන්ඩිෂනර් සහ හෙයාර් සීරම් නිෂ්පාදන අත්හදා බලමින් ඒවායේ ගුණය සහ ප්‍රතිලාභ අත්විඳීමේ අවස්ථාව ද මෙමගින් පාරිභෝගික ජනතාවට හිමි වේ.

    කුමාරිකා සන්නාමය රැගත් අධි සුඛෝපභෝගී බස් රථයක මෙම ජංගම සැලුනය නිර්මාණය කර ඇති අතර, කුමාරිකා හෙයා ඔයිල් මසාජ්, හෙයා වොෂ් ට්‍රීට්මන්ට්, හෙයා ගෘමිං ආදී සේවාවන් මෙන් ම කුමාරිකා නිෂ්පාදන මිලදී ගැනීමේ පහසුකම ද මෙම රථය තුළ ලබා දෙයි.

    එකවර සිවුදෙනෙකුට මෙහිදී හිසකෙස් සම්බන්ධ විශේෂඥයින්ගෙන් සේවා ලබා ගත හැකි අතර, තමන්ගේ වාරය එන තුරු එම සේවාවන් සහ රූපවාහිනී තිර නරඹමින් රැඳී සිටීම සඳහා වෙනම පරිශ්‍රයක් ද මෙම රථය තුළ වෙන්කර තිබීම විශේෂත්වයකි.

    කාන්තාවන් හට අසමසම හිසකෙස් සත්කාර සේවාවන් දායාද කිරීමෙන් නොනැවතී ඔවුන් ජයග්‍රාහකයන් බවට පත් කිරීමට ද කුමාරිකා කණ්ඩායම මෙහිදී කටයුතු කරයි. ඒ අනුව, රු. 100ක වටිනාකමින් යුතු නිෂ්පාදන මිලදී ගන්නා ඕනෑම අයෙකුට හිසකෙස් රැක බලා ගැනීම පිළිබඳ නොමිලේ උපදෙස් ලබා ගත හැකි අතර, රු. 250ට වැඩි මිලදී ගැනීමක් සිදු කරන ඕනෑම අයෙකුට නොමිලයේ ම ඔයිල් මසාජ් එකක් ද, රු. 500ට වැඩි නිෂ්පාදන මිලදී ගන්නා ඕනෑම අයෙකුට රූපලාවන්‍ය භාණ්ඩ බහාලන පවුච් එකක් සහ හෙයා වොෂ් ට්‍රීට්මන්ට් එකක් නොමිලයේ හිමි වේ.

    මාස හතරකට අධික කාලයක් පුරා දිවයිනේ පළාත් තුනක් ආවරණය කෙරෙමින් සංචාරය කරන කුමාරිකා සොබා රුවැත්ති ජංගම සැලුනය තුළ හිසකෙස් පිළිබඳ විශේෂඥයෝ තිදෙනෙක් රැඳී සිටිමින් සෑම පාරිභෝගිකයෙකුට ම විශේෂඥ සේවාවක් ලබා දීම වෙනුවෙන් කැප වෙති. බස් රථය අසළ ප්‍රවර්ධක පුවරු ස්ථාපනය කෙරෙන අතර, කිසියම් ප්‍රදේශයකට එය ළඟා වීමට පෙර බස් රථය නවතන ස්ථානය, වේලාව සහ දිනය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම සඳහා පෝස්ටර් සහ අත්පත්‍රිකා බෙදා හැරීමට ද කුමාරිකා කණ්ඩායම කටයුතු කරයි. තවද, එම තොරතුරු කාන්තාවන් හට කෙටි පණිවිඩ මාර්ගයෙන් ලබා දීමට ද සියලු කටයුතු සූදානම් කර ඇත.

    Kumarika-2