කුවේට් ඩිනාරයක් රු. 1,000 යි

    March, 30, 2022

    අද වන විට කුවේට් ඩිනාරයක හුවමාරු වටිනාකම රු. 1,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඊයේ (29) දිනයේ දී රු. 968.90 ක් ලෙස පැවති කුවේට් ඩිනාරයක අනුරූපිත අනුපාතිකය අද (30) දින රු. 1,006.17 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ අතර අනෙකුත් ප්‍රධාන පෙළේ මැදපෙරදිග මුදල් ඒකකයන් වන බහරේන් ඩිනාරයක මිල රු. 782.37 සිට රු. 811.80 ක් දක්වා ද, ඕමාන රියාලයක මිල රු. 766.18 සිට රු. 795.00 ක් දක්වා ද, කටාර් රියාලයක මිල රු. 80.93 සිට රු. 83.98 දක්වා ද, සවුදි අරාබි රියාලයක මිල රු. 78.63 සිට රු. 81.56 දක්වා ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයක මිල රු. 80.31 සිට රු. 83.33 දක්වා ද අද දින වැඩි වී තිබේ.