කොකිස් සහ අලූවා සමඟ එමිරේට්ස් අවුරුදු සමරයි

    April, 11, 2019

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි සම්මානනීය ගුවන් සමාගමේ මගී විවේකාගාරයේදී අපේ‍්‍රල් 13 වනදා සහ 14 වනදා සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකේය රසකැවිළි පිළිගන්වයි

    ලෝකයේ විශාලතම ගුවන් සමාගමක් ලෙසින් සැලකෙන එමිරේට්ස් ගුවන් සමාගම සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දේ ජීවගුණය සිය ගුවන් මගීන් වෙතද තිළිණ කරමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිහිටි සිය මගී විවේකාගාරය (lounge) තුළදී අමුත්තන්ට අවුරුදු රසකැවිලි වලින් සංග‍්‍රහ කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අනුව, සහල් පිටි වලින් රස පදමට සකස් කළ මල් හැඩයෙන් සහ සමනළ හැඩයෙන් යුතු කොකිස් සහ සහල් පිටි, පැණි, කජු සහ කරදමුංගු යොදා කොටු හැඩයට සකස් කළ ඉතාමත් රසවත් අලූවා වලින් අපේ‍්‍රල් 13 සහ 14 දිනයන් වල තම ගුවන් මගීන්ට සංග‍්‍රහ කිරීමට එමිරේට්ස් කටයුතු කර තිබෙන්නේ ශ‍්‍රී ලාංකිකයින්ගේ අළුත් අවුරුදු රසය විදේශික සංචාරකයින් සමඟද බෙදා දෙමිනි.

    ‘ජනතාව, සංස්කෘතීන් සහ ආහාරපාන සම්බන්ධ කරන්නෙකු ලෙස තමන් කරන කාර්ය භාරය පිළිබඳව එමිරේට්ස් සෑමවිටම ආඩම්බර වෙනවා. මේ සඳහා පුළුල් පරාසයක දේශීය සහ කළාපීය රසයන් එමිරේට්ස් මගීන්ට රස විඳීමට අවස්ථාව උදාවනවාග අදාළ ගමනාන්තයන්ට සුවිශේෂී වූ ආහාර පිළිගැන්වීම මෙහිදී කැපී පෙනෙන කාරණයක්ල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළාපීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා පැවසීය. ‘මගීන්ගේ රුචිකත්වයන් සහ අනන්‍යතාවයන් වෙනුවෙන් එමිරේට්ස් දක්වන කැපවීමට මෙය හද උණුසුම් කරන උදාහරණයක්. මෙම සංග‍්‍රහයෙන් අපගේ මගීන් තෘප්තිමත් වී එය අගයනු ඇතැයි අපට විශ්වාසයි.’

    කොකිස් මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය රසකැවිලි විශේෂයක් වුවද එයට ඇත්තේ ලන්දේසි සම්භවයක් යැයි විශ්වාස කරයි. කොකිස් යන වචනය සෑදි තිබෙන්නේ koekjes යන ලන්දේසි වචනයෙන් යැයි විශ්වාස කරන අතර එහි අර්ථය වන්නේ රසකැවිල්ල යන්නයි. ශ‍්‍රී ලාංකිකයින් අලූවා විවිධ ස්වරූපයෙන් සාදන අතර සහල් පිටි, රුලංල අල, පොල් යොදාගනිමින් විවිධ රසයෙන් යුතු අලූවා සෑදීමට ඔවුන් පුරුදුව සිටී. මේ සඳහා කිතුල් පැණි, පොල් පැණි, සීනි මෙන්ම කුළුබඩුද යොදාගනී.

    ලෝකයේ ප‍්‍රධාන ගුවන් තොටුපොළවල තිබෙන එමිරේට්ස් මගී විවේකාගාර 42 ක ජාලයට අයත් වන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිිහිටි එමිරේට්ස් මගී විවේකාගාරය පළමු පන්තියේ හෝ ව්‍යාපාරික පන්තියේ මෙන්ම ගුවන් සමාගමේ නිතර ගමන් කරන්නන් වෙනුවෙන් ප‍්‍රතිලාභ ලබාදෙන සම්මානනීය ස්කයිවර්ඞ්ස් වැඩසටහනේ ප්ලැටිනම් සහ ගෝල්ඞ් සාමාජිකයින්ගේ භාවිතය සඳහා 2012 වසරේ ආරම්භ කරන ලදී. මෙම මගී විවේකාගාරයෙන් ආහාර උණුුසුම්ව හෝ සීතලෙන් ලබාගත හැකි අතර අතුරුපස ලබාගැනීමේ ස්ථානයක්, තේ සහ කෝපි ලබාගැනීමේ ස්ථානයක් පිහිටුවා තිබෙන අතර මෙහිදී ඩිල්මා සමාගමේ වර්ග හයක තේ රස බැලීමේ අවස්ථාව හිමිවේ. එසේම, ආහාර පාන වලින් පිරී තිබෙන ස්වයං සේවා පහසුකමින් යුක්ත රටබීම අංගයක්ල ජාත්‍යන්තර රූපවාහිනී චැනල නැරඹීමේ ස්ථානයක්, ව්‍යාපාරික මධ්‍යස්ථානයක්, යාච්ක්‍ඳා කිරීමේ කාමරයක්, ස්නානය කිරීමේ පහසුකම්, කාන්තාවන්ට සහ පිරිමින්ට වැසිකිළි පහසුකම් මෙම මගී විවේකාගාරයේ ඇත.
    එමිරේට්ස් සමාගම 1986 වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කරන අතර ශ‍්‍රී ලංකාව මහද්වීප හයක ගමනාන්ත 158 ක් වෙත ඩුබායි හරහා සතියකට සිදුකරන ගුවන් ගමන් වාර 28 ක් මගින් සම්බන්ධ කර තිබේ.