කොටස් ගනුදෙනු අදත් ලප් තැනම ලොප්

    March, 31, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (31) පෙරවරු 10.36 ට අත්හිටුවනු ලැබීය.

    S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම ඊට හේතුවයි.

    දිනයේ ගනුදෙනු ආරම්භ වී මිනිත්තු 06 ක් වැනි කෙටි කාලයක් තුළ මෙලෙස දෛනික ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 274.09 කින් පහළ ගොස් ඒකක 9,020.80 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 163.63 කින් පහළ ගොස් ඒකක 3,032.56 ක් ලෙසත් සටහන්ව තිබුණි.

    ඒ වන විට රු. මිලියන 152.46 ක වටිනාකමකින් යුතු සමාගම් කොටස් ගනුදෙනු වී තිබිණ.

    පෙරවරු 11.06 ට ගනුදෙනු සැසිය නැවත වරක් ආරම්භ වීමට නියමිතය.

    ඊයේ (30) දිනයේ දී අවස්ථා දෙකක දී මෙලෙස මිනිත්තු 30 බැගින් දෛනික ගනුදෙනු අත්හිටුවීමක් සිදුවිය.