කොටස් පොළේ EPF ආයෝජන ගැන විගණකාධිපතිවරයාගෙන් විශේෂ හෙළිදරව්වක්

    November, 14, 2014

    සේවක අර්ථ සාධක අරමුදල විසින් 2012 වාර්ෂික වාර්තාව එළි දක්වා තිබෙන අතර එහි අරමුදල විසින් සිදුකර තිබෙන ආයෝජන සහ එම ආයෝජන ආදායම් පිළිබඳව විගණකාධිපතිවරයා විශේෂ හෙළිදරව්වක් කර තිබේ.

    විගණකාධිපති එච්. ඒ. එස්. සමරවීර මහතා විසින් මෙම වාර්තාවට සපයා තිබෙන ඇමුණුමේ දැක්වෙන්නේ 2013 දෙසැම්බර් 16 වනදා වනවිට සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළඳ පොළේ සමාගම් 64 ක කර තිබුණු රුපියල් බිලියන 50.7 ක ආයෝජන වලින් රුපියල් බිලියන 14.4 ක පාඩුවක් ලබා තිබෙන බවයි.

    මේ අතර, මෙදිනට සමාගම් 22 ක කර තිබුණු රුපියල් බිලියන 17.8 ක් වන ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 04 කින් පමණ වැඩිවී තිබුණු බවද විගණකාධිපතිවරයා සඳහන් කර ඇත.

    මේ අනුව, පෙනී යන්නේ සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුකළ ආයෝජන වලින් රුපියල් බිලියන 10 කට ආසන්න පාඩුවක් 2013 දෙසැම්බර් 16 වනදා වනවිට සිදුවී තිබෙන බවයි.

    මෙදිනට අරමුදල විසින් කොටස් වෙළඳ පොළේ කර තිබුණු කෙටි කාලීන හා දිගු කාලීන ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 70.5 ක් දක්වා වර්ධනය වී තිබේ.

    විගණකාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ 2014 ජුනි 10 වනදා වනවිට සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් 82 ක ආයෝජනය කර තිබෙන බවත් එම ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 74.8 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

    මෙදිනට සමාගම් 48 ක කොටස්වල මිල රුපියල් බිලියන 9.6 කින් අඩුවෙද්දී සමාගම් 34 ක කොටස්වල මිල රුපියල් බිලියන 8.9 කින් වැඩිවී තිබුණු බව විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

    සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කර තිබෙන සම්පූර්ණ තක්සේරුව මෙන්න!
    s1s2s3s4-2