April, 26, 2022
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (26) දිනයේ දී ඊයේ (25) දිනයේ දී මෙන් මිනිත්තුවක කාලයකට පමණක් සීමා විය.
ගනුදෙනු ආරම්භයත් සමඟම S&P SL20 දර්ශකය පෙර දිනයට සාපෙක්ෂව 5%ක අගයයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් මෙලෙස දෛනික ගනුදෙනු අත්හිටුවන ලදී.
එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 416.21 කින් පහළ ගොස් ඒකක 7,097.64 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 128.80 කින් පහළ ගොස් ඒකක 2,226.74 ක් ලෙසත් සටහන්ව තිබුණි.
එය පිළිවෙලින් 5.54% හා 5.47% ක පහළ යාමකි.
දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.01 ට යළි ආරම්භ වීමට නියමිතය.
Video Story