කොටස් වෙළෙඳපොළෙන් අදත් වාර්තාවක්

    August, 18, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (18) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 252.16කින් ඉහළ ගොස් ඒකක 20,470.52ක් ලෙසින් සටහන් විය.

    එහි දී S&P SL20 මිල දර්ශකය ඒකක 102.62කින් ඉහළ ගොස් ඒකක 5,997.46ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 124ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 102කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    එහි දී කොමර්ෂල් බැංකුව, කාර්සන් කම්බබැච්, මෙල්ස්ටාකෝප්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ DFCC බැංකුව යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 7.74ක් ලෙසයි.

    Video Story

    Stock Market

    Exchange Rates