කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්. තනි දිනක් තුළ ඉතිහාසයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව අද

    January, 13, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් අලුත් කරමින් තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම ගනුදෙනු ප්‍රමාණය අද (13) වාර්තා විය.

    මෙහිදී අද දිනය තුළ දී වාර්තා වී තිබුණු සමස්ත ගනුදෙනු ප්‍රමාණය 51,862 ක් වේ. කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ ගනුදෙනු ප්‍රමාණය පනස්දහසේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ.

    මීට පෙර තනි දිනක් තුළ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වී තිබුණේ 2011 අගොස්තු 18 වන දිනයි. එදින සිදුකෙරී තිබෙන ගනුදෙනු සංඛ්‍යාව 49,921 ක් බව වාර්තා පෙන්වා දේ.

    අද දිනයේ දී වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කළ සමාගම් ලෙසින් එක්ස්පෝලංකා (5,182), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (4,964), පිරමල් ග්ලාස් සිලෝන් (2,397) හා ACL කේබල්ස් (1,885) දැක්විය හැකිය.