කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

    May, 17, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (17) දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 359.24 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන ලදී. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 4.44% ක ඉහළ යාමකි.

    ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,457.65 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 157.19 ක හෙවත් 5.90% ක වර්ධනයක් වාර්තා කරමින් දිනය අවසානයේ දී ඒකක 2,819.50 ලෙසින් සටහන්ව තිබුණි.

    රු. බිලියන 2.75 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.