කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක් – සියලු කොටස් ඒකක 249 කින් පහළට

    October, 21, 2020

    අද (21) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශක ඒකක 249 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 95.46 කින් පහළ යන ලදී.

    දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,684.67 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 2,292.10 ක් ලෙසත් සටහන් විය. එය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 4.21% ක හා 4% ක පහළ යාමකි.

    රු. බිලියන 3.24 ක කොටස් ගනුදෙනු අද දින කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය.