March, 28, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (28) දිනයේ දී වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 313.03 කින් හා S&P SL20 දර්ශකය ඒකක 105.46 කින් දිනය තුළ දී පහළ ගිය අතර දිනය අවසානයේ දී පිළිවෙලින් ඒකක 10,142.29 ක් හා ඒකක 3,533.66 ක් ලෙසින් එම දර්ශක දෙක සටහන්ව තිබුණි.
මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී සියලු කොටස් මිල දර්ශකයේ 2.99% ක S&P SL20 දර්ශකයේ 2.90% ක කඩා වැටීමක් වේ.
රු. බිලියන 2.12 ක පිරිවැටුමක් දිනය තුළ සිදු වූ ගනුදෙනුවලින් වාර්තා විය.
HNB, එක්ස්පෝලංකා, LOLC, හේලීස්, රෝයල් සෙරමික් යන සමාගම්වල මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට වැඩි දායකත්වයක් ලබා දී තිබුණි.
සියලු කොටස් මිල දර්ශකය අද දිනය අවසානයේ දී ඒකක 10,142.29 ක් දක්වා පහත වැටීමත් සමග එය වසරේ මේ දක්වා වාර්තා වී ඇති අඩුම අගයයන් ලෙසින් සටහන්ව තිබේ. මේ අනුව 2022 වසර තුළ මේ දක්වා 17.04% කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් ඇත.

Video Story