January, 8, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද මධ්‍යහ්නය වන විට ඒකක 69.24 ක කැපී පෙනෙන පහළ යාමක් වාර්තා කළේය. එය පෙර දිනයට සාපේක්ෂව 1.15% ක පහළ යාමකි. ඒ අනුව අද මධ්‍යහ්න 12.00 වන විට සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 5,956.85 ක් වශයෙනි.
මෙය පසුගිය 2018 නොවැම්බර් 15 දිනෙන් පසු කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාවයි.
තවද S&P SL20 දර්ශකය ද ඒකක 35.09 ක පහළ යාමක් සටහන් කරමින් මධහ්නය වන විට ඒකක 2,822.90 ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනය හා සැසඳීමේ දී 1.23% ක පහළ යාමකි.
දිනයේ පළමු අර්ධය අවසානයේ දී ගනුදෙනු පිරිවැටමු රුපියල් මිලියන 384 ක් ලෙසයි.
Video Story