කොටස් වෙළෙඳපොළ අදත් කොට උඩ

    February, 24, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 1.42 ට අත්හිටුවන ලදී.

    කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය ඊයේ දිනට වඩා 5% ක ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස ස්වයංක්‍රීයවම ගනුදෙනු පද්ධතිය මිනිතුත් 30 ක කාලයක් සඳහා නැවතී තිබේ.

    පස්වරු 2.12 ට ගනුදෙනු සැසිය නැවත ආරම්භ වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.

    ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 522.41 කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 190.17 කින් කඩා වැටී තිබුණි.

    මෙම සතිය තුළ ගනුදෙනු අත්හිටුවනු ලැබූ සිව්වන අවස්ථාව මෙයයි.

    ඊයේ (23) දිනයේ දී දෙවරක් සහ පසුගිය සඳුදා (21) දිනයේ දී එක්වරක් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අතරමඟ ඇන හිටී තිබුණි.