කොටස් වෙළෙඳපොළ ආයෝජනයට දැනුම – එක්දින අධ්‍යාපනික වැඩමුළුව කෑගල්ලේ දී

    October, 16, 2018

    කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ එහි ප්‍රතිලාභ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් දිවයින පුරා කොළඹ කොටස් හුවමාරුව විසින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවෙහි රත්නපුර ශාඛාව විසින් කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳ පවත්වනු ලබන තවත් එක් වැඩසටහනක්, කෑගල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

    "ආයෝජයනයට දැනුම" නමින් නම්කර ඇති මෙම එක්දින වැඩමුළුව ඔක්තෝම්බර් මස 28 වන ඉරිදා දින කෑගල්ල “Rest House” හීදී උදෑසන 09.30 සිට දහවල් 02.30 දක්වා කාලය තුළ පැවැත්වෙන අතර මෙහිදී කොටස් වෙළෙඳපොළ ආයෝජනය හැඳින්වීම, කොටස් තෝරාගැනීම හා ආයෝජනය, මූල්‍ය ප්‍රකාශ අවබෝධ කරගැනීම, කොටස් වෙළෙඳපොළ තොරතුරු මුලාශ්‍ර යනාදී මාතෘකා සහ තවත් වැදගත් තොරතුරු මෙහිදී සාකච්ජා කිරීමට නියමිත අතර එදිනට කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන්ගේ සේවය ලබා ගැනීමේ අවස්ථාවද උදා වනු ඇත.මෙම වැඩසටහන සඳහා කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රවීන දේශක මඩුල්ලක් සම්පත් දායකත්වය ලබා දේ.

    මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කොළඹ කොටස් හුවමාරුව රත්නපුර ශාඛාවේ මෙම දුරකථන අංක වලට ඇමතීමෙන් 045-2232399/88, 076-3231932 හෝ නිල වෙබ් අඩවිය වන www.cse.lk ඔස්සේ ලබා ගත හැක.