November, 1, 2018
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ S&P SL20 දර්ශකයේ විශාලම වර්ධනය අද (01) දින වාර්තා විය. මෙහිදී දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 3,221.07 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට වඩා ඒකක 136.99 ක ඉහළ යාමක් වේ.
එසේම මෙය 4.44% ක ඉහළ යාමකි. ප්‍රතිශතාත්මකව ගත් කල මෙය, මෙතෙක් ඉතිහාසයේ තින් දිනක් තුළ S&P SL20 දර්ශකයේ සිදුවූ විශාලතම වැඩිවීමයි.
S&P SL20 දර්ශකය ගණනය කිරීම සඳහා යොදා ගනු ලබන සමාගම්වල කොටස් මිල ගණන් අද දින හැසිරුණේ පහත ආකාරයටය.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නාවූ වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් මෙම දර්ශකය ගණනය කිරීමට භාවීත කරනු ලබයි. මෙම සමාගම් 20 චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය (Float-adjusted market capitalization) මහින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15%ක උපරිමයකට යටත් කිරීම හරහා ආයෝජන කළඹෙහි විවිධාංගීකරණය තව දුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙනි.
S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර්ජාතික ප්රමිතීන් හා පිළිවෙත් වලට අනුව යමින් නිර්මාණය වි ඇත. මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර්මාණය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර්ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබයි. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල්මිලියන 0.5කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ.
Video Story