කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 9 ඉක්මවයි

    January, 7, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද (07) දින ගනුදෙනු අවසානයේ දී දෛනික පිරිවැටුම රු. බිලියන 9.14 ක් ලෙසින් වාර්තා විය.

    මේ අතර සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 64.08 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී එය ඒකක 7,097.84 ක් ලෙසින් සටහන් වූ අතර අඛණ්ඩව සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් සටහන් වූ 7 වෙනි දවස අදයි.

    කෙසේ වෙතත් ඊයේ (06) දිනයේ මෙන් අද දිනයේ දී ද S&P SL20 දර්ශකයේ අද දිනයේ පහළ යාමක් වාර්තා විය. එහිදී පෙර දිනයට සාපකේෂව ඒකක 10.63 කින් අද දින ගනුදෙනු අතරවාරයේ දී පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 2,692.56 ක් ලෙසින් සටහන් විය.

    අද දින සියලු කොටස් මිල දර්ශකය සඳහා සමාගම් 74 ක් ධනාත්මක දායකත්වයක් ලබා දුන්න ද සමාගම් 123 ක දායකත්වය සෘණාත්මක වීම විශේෂත්වයකි. මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් 36.16% ක කැපීපෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී. එසේම දිනයේ පිරිවැටුමෙන් රු. බිලියන 4 ක හෙවත් 44% ක දායකත්වයක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් ගනුදෙනු හරහා ලැබී තිබුණි.