කොටස් වෙළෙඳපොළ ගනුදෙනු Disaster Recovery පරිශ්‍රයක සිට

    June, 22, 2023

    කොළඹ කොටස් හුවමාරුව විසින් සම්පූර්ණ දෛනික ගනුදෙනු, ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයක (Disaster Recovery Site) සිට 2023 ජූනි මස 23 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මෙම ක්‍රියාවලිය සියලුම සහභාගීකරුවන්ගේ සහයෝගයෙන් සිදුකරනු ලබන අතර වෙළෙඳපොළෙහි ඇතිවන හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ඇතිකර ගැනීම මෙහි අරමුණ බව කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.