“කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට” 15වන සමුළුව රත්නපුරේ දී

    November, 27, 2018

    කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC)  එක්ව සංවිධානය කරනු ලබනකොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට” සම්මන්ත්රණ මාලාවේ 15වන වැඩසටහන රත්නපුර නගරයේහි පසුගියදින අවසන් විය.  මෙහිදී සහභාගි වූ ආයෝජකයන් හට වත්මන් කොටස් වෙළෙඳපොළ පිළිබඳව පුළුල් දැනුමක් ලබාගැනීමට හැකි විය .

    තැප්‍රෝබේන් ස්ටොක්බ්රෝකර්ස් (Taprobane Stockbrokers) පුද්ගලික සමාගමෙහි අනුකූලතා නිලධාරී රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් කොළඹ කොටස් හුවමාරුව පිළිබඳව සවිස්තරාත්මක හඳුන්වාදීමක් සිදූකල අතර මෑතකාලයේදී කොටස් වෙළෙඳපොළෙහි ක්‍රියාකාරිත්වය පැහැදිලි කළේය. CIMB ආයෝජන බැංකුවෙහි සහාය අධ්‍යක්ෂ රසංජ පෙරේරා මහතා විසින් කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් නියෝජනය කරනු ලබන විවිධ කර්මාන්ත හා ක්ෂෙත්‍ර පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් හා වර්තමානයේදී කොටස් වෙළෙඳපොළ තුල ලබාගත හැකි ආයෝජන අවස්ථා හා ප්රතිලාභ ඉදිරිපත් කරන ලදී.

    මෙම මුලික දේශනය අවසන් වූ පසුව සම්මන්ත්‍රණයට පැමිණි සිටි ආයෝජකයින් හට තමන්ගේ ප්රශ්න යොමුකිරීමට රොෂාන් ප්රනාන්දු මහතා, රසංජ පෙරේරා මහතා ඇතුළුව ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි  බාහිර සබදතා සහ අවේක්ෂණය අධ්‍යක්ෂ තුෂාර ජයරත්න මහතා, කොළඹ කොටස් හුවමාරුවෙහි වෙළෙඳපොළ සංවර්ධන ප්රධානී නිරෝෂන් විජේසුන්දර මහතා සහභාගී වූ වීවෘත හා සංවාදශීලී සාකච්ඡා වටය තුල හැකි විය.

    ආයෝජක උපදේශකවරුන් හා ඒකකභාර නියෝජිතයින් හමුවීමට මෙම සම්මන්ත්‍රණය තුල අවස්ථාව ලැබුනු අතර එමගින් කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.