කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීම ගැන සුරැකුම්පත් කොමිසම මෙසේ කියයි

    April, 24, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවෙන් විමසීමක් කර ඇත.

    මේ පිළිබඳව විමසා බැලීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඊයේ (23) දින රැස් වී ඇති අතර එහිදී සුරැකුම්පත් කොමිසමේ අදහස වී ඇත්තේ කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීමට ඇති හැකියාව සලකා බැලීමට නම් වත්මන් තත්ත්වයන් යටතේ කොටස් වෙළෙඳපොළ සාධාරණ හා නිසි පිළිවෙලකට ක්‍රියාත්මක වීමට අවශ්‍ය කෙරෙන සියලු අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම ගැන කොළඹ කොටස් වෙළෙඳපොළට සෑහීමකට පත්විය හැකි වීම අත්‍යාවශ්‍ය බවයි.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හි විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරීවරයාට ප්‍රතිචාර දක්වමින් වැඩිදුරටත් කියා සිටින්නේ, කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම වළක්වා ඇති හේතු පෙර නොවූ විරූ බවත්, විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඒවා සැහැල්ලුවෙන් සැලකීමට නොහැකි බවත්, සියලු කාරණා පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් විය නොහැකි බවත් අවධාරණය කළ යුතුය.

    අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.