March, 9, 2022
අද වන විට මෙරට බිහිකෙරන නව නිර්මාණ, රට තුළට මුදල් ගලා එන ආකාරයෙන් නීත්‍යානුකූලව පිහිටුවීමට නොහැකි වී ඇති බවත්, කර්තෘභාග හා බුද්ධිමය දේපළ සම්බන්ධ නීතිය ශ්‍රී ලංකාවේ වැඩ නොකළ ක්ෂේත්‍රයක් බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර මෙරට නිර්මාණය වූ ආහාරයක් වන ‘කොත්තු‘ සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට ද ශ්‍රී ලංකාව මෙතෙක් කටයුතු කර නොමැති බවත් මෙහිදී අනාවරණය කළේය.

කර්තෘභාග සම්බන්ධ නීතිය සහ බුද්ධිමය දේපළ සම්බන්ධ නීතිය අපේ රටේ වැඩ නොකළ ක්ෂේත්‍රයක්. මේකේ විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා.
මේ රටේ නව නිර්මාණ, රට තුළට මුදල් ගලා එන, රට තුළට ගෞරවයක් ගෙන දෙන ආකාරයට නීත්‍යානුකූලව පිහිටුවන්න අපිට බැරිවෙලා තියෙනවා.
අපි හැමදෙනාම පීසා හට් කියලා ගිහිල්ලා පීසා කඩෙන් පීසා ගත්තාට ඒකේ පේටන්ට් එක තියෙන්නේ ඉතාලියට.
නමුත් අද අපේ රටේ අපි නිර්මාණය කරපු ආහාර දාමයක් තියෙනවා, ‘කොත්තු‘ කියලා. මේක ඉතා වැදගත් කාරණයක්. ලෝකේ කවදා හරි අපි පීසා කනවා වගේ, විවිධාංගීකරණය වූ ආහාරයක් ලෙස මෙය යන්න පුළුවන්. අපේ රටේ මඩකළපුවෙන් තමයි මේක ආරම්භ වුනා කියලා කියන්නේ.
නමුත් කවුරුවත් අද වෙනකන් පේටන්ට් අයිතිය මේ ආහාරයට අරගෙන නැහැ.
අද අපේ විවිධ වර්ගයේ කොත්තු තියෙනවා. විවිධ වර්ගයේ මේකට එකතු කිරීම් අඩු කිරීම් කරලා තියෙනවා. ලෝකේ දියුණු රටවලත් මේක තියෙනවා. මේකේ පේටන්ට් අයිතිය ලංකාවටත් නැහැ, වෙන රටකටත් තියෙනවා ද කියලා මම දන්නේ නැහැ. අපිට එහෙම නීතියකුත් නැහැ, ජාත්‍යන්තර වශයෙන් මේක ලබාගන්නේ කොහොමද කියලා.
අපේ රටේ වට්ටෝරුවකට, අපි හදපු කෑම වේලකට, මඩකළපුවෙන් ආරම්භ වෙච්ච මේ කෑමවේල, අයිස්ක්‍රීම් කොත්තුව දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒක වෙනස් වූ ආහාර දාමයක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි මේකේ පේටන්ට් අයිතිය
පීසාවල පේටන්ට් අයිතිය ඉතාලියට තිබුණාට, හැම්බර්ගර්වල පේටන්ට් අයිතිය ඇමරිකාවට තිබුණාට මේකේ පේටන්ට් අයිතය අපිට නැහැ. එහෙම නැතිවෙලා තියෙන්නේ මේක සම්බන්ධව පළල් සංවාදයක් අපේ රටේ නැති නිසයි.
Video Story