කොත්මලේ බටර් සහ කොත්මලේ චෙඩා චීස් වෙළෙඳපොළට

    December, 19, 2018

    කාගිල්ස් සමූහය, නවීනතම තාක්ෂණයෙන් වැඩි දියුණු කළ කිරි කර්මාන්ත ශාලාව, ශී‍්‍ර ලංකාවේ තාක්ෂණයෙන් දියුණුතම කිරි නිෂ්පාදනාගාරය ලෙසින් දේශයේ කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මහත්සේ කැපවෙයි. අප වර්තමානයේ මෙරට විශාලතම බහු පෙළ කිරි නිෂ්පාදකයා බවට පත්ව ඇති බව ඔබට සඳහන් කරන්නේ ඉමහත් ආඩම්බරයකිනි. කොත්මලේ සහ මැජික් සන්නාම පෙරටුකොට ගත් අපගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙහෙයුම් කටයුතු කිරි ගොවි ප්‍රජාව සවිබලගැන්වීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු. එවැනි ආයෝජන හරහා ශ්‍රී ලංකාව කිරෙන් ස්වයංපෝෂිත රටක් බවට පත්කිරීමට මෙන්ම මෙරට ජනතාවගේ සෞඛ්‍යය සහ පෝෂණය වැඩිදියුණු කිරීමටද දායකත්වය ලබාදීමට හැකිවීම අපි ගෞරවයක් සේ සලකන්නෙමු.


    අපගේ බහු-නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවතම තාක්ෂණය, ශක්තිමත් පාරිසරික කළමනාකරණ ක්‍රියාවලි, ප්‍රමිති සහ ආහාර සුරක්ෂිතතාව සඳහාවන ISO සහතිකය ආදියෙන් සමන්විතවේ. අපගේ ව්‍යාපාරික ක්‍රියාවලිය තුළ ප්‍රමිතිය සහ නවෝත්පාදනය පෙරමුණෙහි තබා ගනිමින් විශිෂ්ට ක්‍රමවේද අපගේ සාර්ථකත්වය බවට පත්කර ගැනීමට අපට හැකිවී ඇත. කිරි ආශ්‍රිත අයිස්ක්‍රීම් ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා බවට පත්වීම අප ලද එවන් ජයග්‍රහණ අතර කැපී පෙනෙයි.

     

    ප්‍රමිතිය සහ නවෝත්පාදනය ඉහළම මට්ටමක පවත්වා ගැනීමට නිබඳ කැපවන අතරම කාගිල්ස් සමාගම මධ්‍යම, වයඹ, උතුරු මැද, බස්නාහිර සහ උතුරු පළාත්වල කිරි ගොවීන් දහස් ගණනකගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ද කැපවී කටයුතු කරයි. කිරි ගොවීන්හට ස්ථිර ආදායමක් හිමිකරදීම සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අතහිත දීම ඉලක්කකර ගනිමින් දියත් කෙරෙන 'සරුබිම' වැඩසටහන කාගිල්ස් සමාගම දියත් කරන එවැනි එක් වැඩසටහනකි. සැබවින්ම කාගිල්ස් සමාගම දේශීය කිරි ගොවියා වෙනුවෙන් දරන කැපවීම සිය මෙහෙයුම් පද්ධතිය ද ඉක්මවා යමින් ඉටු කිරීමට ද කටයුතු කර ඇත. කාගිල්ස් ජාලයට අයත් නොවන දකුණු පළාතේ රිදියගම ප්‍රදේශයේ කිරි ගොවීන් සිය කිරි අලෙවිකර ගත නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටි මොහොතේ අතිරික්තයෙන් විශාල ප්‍රමාණ මිලදී ගනිමින් කිරි කර්මාන්තයට අත්වීමට තිබූ අහිතකර බලපෑමෙන් මුදවා ගැනීමට අපට හැකිවිය.

     

    මෙම ජාතික වගකීම ඉටුකරමින් කොත්මලේ සහ මැජික් සන්නාම, මෙරට වඩාත් විශ්වසනීයම කිරි සන්නාම බවට පත්වීම සඳහා කැපවී සිටී. වසර ගණනක් පුරා කොත්මලේ සන්නාමය යටතේ එන නැවුම් සහ රසය එක් කළ කිරි, සෙට් සහ ස්ටියර්ඩ් යෝගර්ට්, යෝගර්ට් පානය, චීස් සහ ෆ්‍රෙෂ් ක්‍රීම් ඇතුළු පුළුල් පරාසයට විහිදුනු නිෂ්පාදන පෙළ සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ නොමඳ ආකර්ෂණය හිමිවිය. මෙම සෑම නිෂ්පාදනයක්ම යහගුණයෙන්, නැවුම්බවින් සහ දැරිය හැකි මිල සමගින් වෙළඳපලට නිකුත් කිරීමට කොත්මලේ සන්නාමය නිබඳ කටයුතු කරයි. තවද, සියලු නිෂ්පාදන දේශීය අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරමින් කොත්මලේ ශ්‍රී ලාංකේය කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සහ විදේශ විනිමය ඉතිරි කිරීම හරහා ශ්‍රීලාංකේය ආර්ථිකය ශක්තිමත් කිරීමටද සහයෝගය ලබාදෙයි. අපගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යන බලවේගය වන්නේ එම වගකීම් සහගත දැක්මයි.

     

     

     

    මෙම සියලු කැපවීම් මධ්‍යයේ කොත්මලේ බටර් සහ කොත්මලේ චෙඩා චීස් යන නවතම නිෂ්පාදන හඳුන්වා දීමට කටයුතු කරයි. මෙම නවතම නිෂ්පාදන හරහා ද අපගේ සන්නාමය සමග බැඳී ඇති ප්‍රමිතිය, නැවුම් බව සහ යහගුණය නොඅඩුව පාරිභෝගික ජනතාවට පිරිනැමීමට අපි කටයුතු කරන්නෙමු. කොත්මලේ බටර් සහ කොත්මලේ චෙඩා චීස් පහත අයුරින් වෙළඳපලේ ඇති අනෙකුත් නිෂ්පාදන අතර කැපී පෙනෙයි:

     

    • ප්‍රමිතිය : ලෝක මට්ටමේ පහසුකම්වලින් යුතුව දැඩි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරේ
    • නැවුම්බව සහ යහගුණය : 100%ක් ශ්‍රී ලාංකේය නැවුම් කිරිවලින් නිෂ්පාදනය කෙරේ
    • පහසු මිල : තරගකාරී සහ දැරිය හැකි මිල නිසා ඕනෑම අයෙකුට මිලදී ගත හැකිය

     

    ඔබගේ අමිල සහයෝගය නොවන්නට අපගේ මෙම ජයග්‍රහණ සැබෑවක් නොවන බව අපගේ විශ්වාසයයි. අපගේ දැක්ම සහ කැපවීම මහජනතාව වෙත ගෙනයන පිරිස ලෙස ඔබ කිරි ගොවීන්ගේ ජීවිත නගාසිටුවිම සහ  පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය සහ පෝෂණය නගාසිටුවීම සඳහා මෙන්ම ශ්‍රී ලාංකේය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාද අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ඒ වෙනුවෙන් සැබවින් ම අපි ඔබට කෘතඥතාව පළ කර සිටිමු.

     

    ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කිරි නිෂ්පාදන ඔබ වෙත පිරිනමන අතරම අපි, අපගේ බටර් සහ චෙඩා චීස් රසවිඳින ලෙස ද ආරාධනා කර සිටිමු. මේ ශ්‍රී ලාංකේය කිරි කර්මාන්තයට සහයෝගය ලබාදෙන අපගේ අසමසම ප්‍රමිතිය සහ විශ්වසනීයත්වය පිළිබිඹු කරන නිෂ්පාදන වේ.

     

    මේ හරහා නැවුම්බව, පෝෂණය සහ ශ්‍රී ලාංකේය යහගුණය කැටිකොට ගත් මෙරට කිරි කර්මාන්තයේ කොත්මලේ සහ මැජික් පණිවිඩය, කාගිල්ස් කොලිටි fඩරීස් සමාගම

    (Cargills Quality Dairies (Pvt.) Ltd)  ජනතාව අතරට ගෙන යනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.