July, 10, 2023
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පහත නම් සඳහන් කර ඇති මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනා වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්ර 2023 වර්ෂය සඳහා අළුත් නොකිරීමට තීරණය කරන ලද අතර එය 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් සිදුකරන ලදී. තවද එය 2023.02.22 වන දින ඔවුන් වෙත දැනුම් දෙන ලදී.

ඒ අනුව, ඉහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරත වීමට අවසර නොමැති බවත්, එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
Video Story