කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මේ උත්සව සමයේදී ප‍්‍රමුඛතම සන්නාම වලින් 50%ක් දක්වා වට්ටම්

    December, 5, 2016

    කොමර්ෂල් බැංකුවේ ‘මැක්ස් ලෝයල්ටි’ ප‍්‍රතිලාභ වැඩසටහන තව තවත් ඉහළට රැගෙන යමින් මෙම උත්සව සමයේදී බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී වට්ටම් මාලාවක් ලබාදීම සඳහා ප‍්‍රධාන පෙළේ සන්නාම 100 කට වැඩි සංඛ්‍යාවක් බැංකුව සමග ගිවිසුම්ගත වී තිබේ.

    නොවැම්බර් මාසයේ මැද සිට ආරම්භ වූ මෙම වට්ටම් ලබාදීමේ වැඩසටහන යටතේ 2016 දෙසැම්බර් මාසයේදී සඳහන් කරන දින වලදී මෙරට ප‍්‍රමුඛතම ඇඟලූම්, පාවහන්, ස්වර්ණාභරණ, ආයිත්තම්, රූපලාවන්‍ය, සුවඳ විලවුන්, සහ ක‍්‍රීඩා භාණ්ඩ අලෙවි සැල් මගින් ප‍්‍රතිලාභ හිමිවන බව බැංකුව සඳහන් කරයි.

    මේ අනුව, මෙම අලෙවිසැල් වලින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් භාවිතා කරමින් මිලදීගැනීම් සිදුකරන විට 15% සිට 50%ක් දක්වා වට්ටම් හිමිවන අතර ඩෙබිට් කාඞ් භාවිතා කරමින් මිලදීගැනීම් සිදුකරන විට 10% සිට 50%ක් දක්වා වට්ටම් හිමිවේ. මෙම වැඩසටහන යටතේ සමහර අලෙවිසැල් දින දෙකක් වට්ටම් ලබාදෙන අතර ඇතැම් අලෙවි සැල් දින 15 ක් දක්වා වට්ටම් ලබාදීම සිදුකරයි.

    සිය ‘මැක්ස් ලෝයල්ටි’ ප‍්‍රතිලාභ වැඩසටහන යටතේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන් යන කාණ්ඩ දෙක සඳහාම ප‍්‍රතිලාභ ලබාදෙන ප‍්‍රථම බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ් සඳහා පමණක් ලබාදෙන ප‍්‍රවර්ධන වට්ටම් දීමනාද ඩෙබිට් කාඞ් හිමියන් වෙනුවෙන් මුලින්ම ලබාදුන් බැංකුව ලෙසද කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

    මේ වසරේදී මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගී වන සන්නාම අතරට සොෆ්ට්ලොජික් සමූහයේ United Colors of Benetton, Crocs, Dockers, Fossil, Galleria, Giordano, International Watches, Levi’s, Mango, Mothercare, Nike, Pepe Jeans, Peter England සහTommy Hilfiger යන සන්නාම Nils, Raja Jewellers, House of Fashions, Molly Boulevard, Turret, Aviraté, Double XL, Samanmal Traders, Aditi, DI Leather, Triumph International, Abstract, Adidas, Envoy Mansion, Signature, The Raymond Shop, Hameedia, Luv Esence, Celcius, Sunimal's, Aminra Collection, TFO, Kelly Felder, Ayura, OXEL & RARE, Fashion Bug, VLCC, Shirtworks, Crocodile, 7 Stories Ranjanas, The Parfumerie, Steel Blue, CIB Shopping, CIB Curtain, WijayaSareeMandir, Brand Warehouse, Mangala Tex, Ideals Exclusive, Bata, Power, Hush Puppies, Scholl, Kids Lands (Pvt) Ltd, Chamathka Jewellers, Sarathchandra Textile, SareeMandir, Wimaladharma Group, Cotton Collection, Leather Collection, Midnight Divas, Spring & Summer, Swarnamahal Jewellers, RV Fashions, Kreations, Vogue Jewellers, Romafour, Amante, Cloud 7, Softwave, Kamsins, Dress Factory, Diliganz, Dressmo, Hiru Qlo Fashion Unlimited, New Sriyani Dress Point, Ashee collection, Dilly & Carlo, Ramona's, Haamaa, Vol Square, Happiness, Farlin, Cool Kids, Supul Collection, AndhumAndhum, Lukshmis, BE You Fashion, Choice Park, Mallika Hemachandra, FiorDrissage, Beverly Street, Genesis & Basics, The Kids Warehouse, Glory Swimwear, Aurelia, Clarks, DSI Premier, Jessica, Puma, Reebok, The Origin, US POLO ASSN, W, DSI, Embark, Ruth Styles, Cool Planet, Much More, සහ Arista අයත් වේ.

    කාඞ්පත් හිමියන්ට මෙම වට්ටම් ලබා දෙන්නේ බැංකුවේි කොම්ඞීල්ස්’ සේවාව හරහා පිරිනමන විශේෂ වට්ටම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ලබා දෙන පොළී රහිත පහසු ගෙවීමේ වරප‍්‍රසාදයන්ට අමතරවයි. වීසා සහ මාස්ටර් කාඞ්පත් සමාගම් විසින් ජාත්‍යන්තර වශයෙන් පවත්වනු ලබන ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමට ද කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන් සුදුසුකම් ලබයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 252 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 650 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.