කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් සිංගප්පූරුවට ගුවන් ටිකට් පත් 20 ක් දිනාගනී

    February, 20, 2019

    සිය ක්‍රෙඩිට් කාඞ් සමුදාය වර්ධනය කරගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පැවැත්වූ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ 2018 අවසාන කාර්තුවේදී බැංකුවෙන් නව ක්‍රෙඩිට් කාඞ්පත් ලබාගත් ගනුදෙනුකරුවන් දස දෙනෙකුට සිංගප්පූරුව වෙත සංචාරය කිරීම සඳහා එක් අයෙකුට ගුවන් ටිකට් පත් දෙකක් දිනාගැනීමේ අවස්ථාව පසුගියදා බැංකුව විසින් ලබාදෙන ලදී. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පැරණි ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට මෙන්ම බැංකුව විසින් දැක්වූ කාල සීමාව තුළදී අළුතින් ක්‍රෙඩිට් කාඞ්පත් මිලදීගත් නව ගනුදෙනුකරුවන් සඳහා විවෘත වී තිබුණි. අගය අනුව ගත්විට මෙරට වැඩියෙන්ම භාවිතා වන ඩෙබිට් කාඞ්පත් සහ ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කිරීමේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට කොමර්ෂල් බැංකුව පත්වේ. වෙළඳපොළ සාමාන්‍යය වර්ධනය ඉක්මවමින් කොමර්ෂල් බැංකුවේ නව කාඞ්පත් නිකුත් කිරීම වර්ධනය වෙමින් තිබීම මෙහිදී කැපී පෙනේ.

     

    සේයාරුවෙන් දැක්වෙන්නේ සිංගප්පූරුව වෙත සංචාරය කිරීමට කොමර්ෂල් බැංකුවෙන් ගුවන් ටිකට් පත් දිනාගත් ගනුදෙනුකරුවන් පිරිසෙන් කොටසක් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා (වමේ සිට පස්වැන්නා), බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා (වමේ කෙළවරේම) සහ බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා (දකුණේ කෙළවරේම) සමග සිටින ආකාරයයි.