කොමර්ෂල් බැංකුවේ ‘ඩොට්කොම්’ යෞවන ගිණුම් හිමියන් FIFA PlayStations ජයග‍්‍රහණය කරයි

    August, 13, 2018

    පාපන්දු ලෝක කුසලානය ජයග‍්‍රහණය කර ප‍්‍රංශය උද්දාම වීමට පෙර තරුණ ශ‍්‍රී ලාංකිකයින් තිදෙනෙකු 2018 ලෝක කුසලාන පාපන්දු ශුරතාවය ජයග‍්‍රහණය කරන්නේ කවුරුන්දැයි නිවැරදිව අනාවැකි ඉදිරිපත් කරමින් කොමර්ෂල් බැංකුවේ ඩොට්කොම් යෞවන ගිණුමේ අනුග‍්‍රහයෙන් FIFA PlayStations දිනා ගැනීමට සමත්ව තිබේ.

    ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය ‘Dotcom FIFA Football World Cup 2018’ තරඟාවලියට ලැබුණු නිවැරදි අනාවැකි අතුරින් දිනුම් ඇදීමක් කර මෙම ජයග‍්‍රාහකයින් තෝරාගෙන තිබේ.

    මේ අනුව, මෙම ජයග‍්‍රහණය හිමිකරගත් ඩොට්කොම් යෞවන ගිණුමක් හිමි වාසනාවන්තයින් අතරට කුලියාපිටියේ මහීන් වණසිංහ මහතා, මාතලේ රින්සි මුහම්මඞ් මහතා සහ කොටුගොඩ රොෂාන් සෙනරත් මහතා අයත්වේ. ඔවුන්ට හිමි ත්‍යාගයන් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා වෙතින් ලබාගන්නා ලදී.

    සේයාරුවෙන් දැක්වෙන්නේ ජයග‍්‍රාහකයින් මනතුංග මහතා (මැද) සහ කොමර්ෂල් බැංකුවේ අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී අපර්ණා ජාගොඩ මහත්මිය සමග සිටින ආකාරයයි.