කොමර්ෂල් බැංකුවේ මැක්ස් ලෝයල්ටි වරප‍්‍රසාද ලබා ගැනීමට අළුත් වෙබ් අඩවියක්

    July, 23, 2018

    කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් සහ ඩෙබිට් කාඞ් හිමියන් වෙත ප‍්‍රතිලාභ ලබාදීමේ අරමුණෙන් එම කාඞ් යන දෙවර්ගය සඳහාම ප‍්‍රතිලාභ හිමිකරදෙන ශ‍්‍රී ලංකාවේ එකම ලෝයල්ටි වැඩසටහන වන මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් වැඩසටහන යටතේ එකතුකර ගන්නා ලකුණු වැයකිරීම වෙනුවෙන්ම වෙන්වූ නව වෙබ් අඩවියක් බැංකුව විසින් ආරම්භ කර තිබේ.

    https://maxrewards.combank.net/ යන මෙම නව වෙබ් අඩවිය මගින් ගුවන් සේවා, හෝටල් සහ විනෝදාස්වාද, ඇඟලූම් සහ ආයිත්තම්, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, අවන්හල්, පොත්සැල්, වාහන සේවා ස්ථාන සහ ලයිෆ්ස්ටයිල් නිෂ්පාදන, සුපිරි වෙළඳසැල් සහ අන්තර්ජාල නාලිකා ඇතුළු අංශ ගණනාවක දේශීය ව්‍යාපාරික පාර්ශවකරුවන් 50 කට වැඩි සංඛ්‍යාවක නිෂ්පාදන සහ සේවා සඳහා ප‍්‍රවේශය ලබාදී ඇත.

    කොමර්ෂල් බැංකුවේ සියළුම කාඞ් හිමියන්ට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින් තමන්ගේ සමස්ත මැක්ස් ලෝයල්ටි ලකුණු ප‍්‍රමාණය දැනගත හැකි අතර ඒ තුළින් එම ලකුණු වැය කරන්නේ කෙසේදැයි ඔවුන්ට තීරණය කළ හැකිය. මෙහිදී, කාඞ් හිමියන් වෙළඳ නියෝජිතයා සහ නිෂ්පාදනය තෝරාගත් විට ඔවුන්ට වවුචරයක් ඉල්ලූම් කළ හැකි අතර වැඩකරන දින වලදී වවුචරය ඉල්ලූම් කළ පසුව පැය තුනත් හතරත් අතර කාලයකදී කාඞ් හිමියාගේ නිවසටම ගෙනවිත් දෙයි. ඉන්පසුව, කාඞ් හිමියාට මෙම වවුචරය අදාළ වෙළඳ නියෝජිතයාට ලබාදීමෙන් තමන් තෝරාගත් සේවාව හෝ භාණ්ඩය ලබාගත හැකිය.

    'Reward yourself to the MAX' ලෙස නම්කර තිබෙන මෙම වෙබ් අඩවිය මගින් අරමුණු කර තිබෙන්නේ කොමර්ෂල් බැංකුවේ කාඞ් හිමියන්ට ඉතාමත් පහසුවෙන් ලෝයල්ටි ලකුණු රැුස්කිරීම, නිරීක්ෂණය කිරීම සහ වැය කිරීමට අවස්ථාව ලබාදීමයි.

    ‘අපගේ ගනුදෙනුකරුවන් රැුස් කරගෙන තිබෙන මැක්ස් ලෝයල්ටි ලකුණු වැය කිරීම සඳහා බොහෝ අංශ ආවරණය වන ඉතාමත් පුළුල් විකල්ප පෙළක් අප ලබාදී තිබෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සඳහන් කළේය. ‘සෑම අවස්ථාවකදීම වගේ මෙම වැඩසටහනේදීත් කොමර්ෂල් බැංකුව විසින් තම නිෂ්පාදන සහ ක‍්‍රියාවල සඳහා අගය එකතු කිරීමෙන් ඒ සඳහා උද්යෝගය වැඩිකර තිබෙනවා.’

    සෑම මැක්ස් ලෝයල්ටි ප‍්‍රතිලාභ ලකුණක්ම රුපියලකට සමාන වන අතර කොමර්ෂල් බැංකුවේ  ප‍්‍රීමියම් කාඞ් එකකින් රුපියල් 100 ක්, සිල්වර්, ගෝල්ඞ් හෝ ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඞ් එකකින් රුපියල් 300 ක් හෝ කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඞ් පතකින් රුපියල් 500 ක් වැය කිරීමේදී මැක්ස් ලෝයල්ටි ලකුණක් පාරිභෝගිකයාට එකතුවන බව බැංකුව සඳහන් කරයි.

    මේ අනුව, මෙසේ රැස්කර ගන්නා මැක්ස් ලෝයල්ටි ලකුණු, අඞීඩාස්, එන්වෝයි මැන්සන්, හමීඩියා, ඉස්සෝ, ජාල්, ජාවා ලවුන්ජ්, කිඞ්ස් වෙයාර්හවුස්, අවුට්ලට් ස්ටෝර්, ලූන් ටා ඕ, සැන්ඞ්විච් ෆැක්ටරි, සිග්නේචර්, ස්ක‍්‍රම්ප්ෂස්, අර්බන් කිචන්, ස්ටෝන් ඇන්ඞ් ස්ටි‍්‍රන්ග්, බැරිස්ටා, ස්ටී‍්‍රට් 360, චැට්ස්, හෙඞ්මාස්ටර්ස්, සෝතිස්, මොෂ් ඊස්තටික් ලවුන්ජ්, ජැග්ග්‍රෝ,  ඕසෝ කලම්බෝ, ස්පා සිලෝන්,  ඕසෝ කැන්ඩි, අමාරි ගෝල්, සරසවි, ද සූට්, කීල්ස්, ඩයින්මෝර්, ජූලියාස් ක්ලොසෙට්, ඩොල්චෙ විටා, ට්සිං ටා ඕ,ඉල් චියෝලෝ, බර්ලින් ස්කයි ලවුන්ජ්, මැන්ගෝ ටී‍්‍ර, ජැක් ටී‍්‍ර, රජ බොජුන්, Mydeal.lk" Mystore.lk" පීසා හට්, ජූනියර් ජොර්ජ්, සුපර් කිඞ්ස්, ඇරිස්ටා, ෂැන්ග්හයි- ටෙරස්, Kapruka.com" ලාෆස් කාර් කෙයා, TECC, කැරාට් සහ ඉනෝවේෂන් රීවෑම්ප්ඞ් යන වෙළඳ නියෝජිතයින් වෙතින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් වැයකිරීමේ හැකියාව මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් වැඩසටහන මගින් ලබාදී තිබේ.

    සිය මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් වැඩසටහන යටතේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් හිමියන් යන කණ්ඩායම් දෙක සඳහාම ලෝයල්ටි රිවෝර්ඞ්ස් ලබාදුන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මීට අමතරව, සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ් සඳහාද ලබාදුන් මෙරට ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස කොමර්ෂල් කැපී පෙනේ.

    ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කාඞ්පත් ලෙස කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් සැලකෙන අතර සමස්තයක් ලෙස ගත්විට මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානය ගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් සමත්ව තිබේ. බැංකුව විසින් Visa සහ Mastercard සන්නාමය යටතේ  Silver, Gold සහ  Platinum මට්ටමින් ණයපත් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite කාඞ්පත් නිකුත් කරයි. මෙම ‘Tap & Go’ NFC තාක්ෂණයෙන් යුක්ත වන අතර ඉතාමත් ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයක සහාය මේ සඳහා හිමිවේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 775 ක් සහ බැංකු ශාඛා 261 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.