කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකම මගින් දැන් බිල්පත් ගෙවීමේ අවස්ථාව

    November, 26, 2020

    කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් පහසුකමට ‘In-App Bill Payments’ පහසුකම හඳුන්වාදී තිබෙන නිසා බැංකුවේ ඩෙබිට්, ක්‍රෙඩිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් මගින් ක්ෂණිකව බිල්පත් ගෙවීමේ අවස්ථාව උදාවී තිබේ.

    කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමේ මෙම නවතම වැඩිදියුණු කිරීමට අනුව ඬේටා රීලෝඞ්ස්, පෙර ගෙවුම් සහ පසු ගෙවුම් ජංගම දුරකථන, ස්ථාවර දුරකතන, ජල සහ විදුලි (විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ) මෙන්ම ගාස්තු අයකරණ රූපවාහිනී බිල්පත් වැනි අංශ හයක බිල්පත් ගෙවීමේ අවස්ථාව හිමිවේ. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අධ්‍යාපන ආයතන, රක්ෂණ සමාගම්, ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් සහ පෙර ගෙවුම් කාඞ්පත් වලට මුදල් යෙදවීමේ පහසුකම්ද ඇතුළත් කරමින් මෙම පහසුකම තවදුරටත් වර්ධනය කරන බව බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් පහසුකම මගින් බිල්පත් ගෙවීමට ගනුදෙනුකරුවන් කළ යුත්තේ ඇප් පහසුකමේ තිබෙනිඊසකක ‘Bill Payment’ නැමති විකල්පය තෝරාගෙන තමන්ට අවශ්‍ය බිල්පත් වර්ගයට අනුව අවශ්‍යවන තොරතුරු එයට ඇතුළත් කිරීම පමණි. මෙහිදී, ඇප් පහසුකමේ පුද්ගලික හඳුනාගැනීමේ අංකය (PIN) මගින් ගනුදෙනුව ස්ථීර කළ පසුව ඉදිරිපත් කර තිබෙන කාඞ්පතෙන් අදාළ බිල්පත ගෙවීමට අවශ්‍ය මුදල අඩුකරනු ඇත. එසේම, ගනුදෙනුකරුවන්ට තමන් නිතරම ගෙවන බිල්පත් මෙම ඇප් පහසුකමේ තිබෙන ‘Favourites’ ටැබ් එක යටතට දැමිය හැකි අතර ඒ තුළින් එම බිල්පත් ගෙවීමේදී අදාළ වන අංක නැවත නැවතත් ඇතුළත් කිරීමට අවශ්‍ය නොවේ. පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් මගින් සිදුකරන මෙම බිල්පත් ගෙවීමේ ක‍්‍රියාවලිය ඉතාමත් ආරක්ෂාකාරී බව බැංකුව පවසයි.

    මෙම ඇප් පහසුකම භාවිතා කරමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමේදී එම ගෙවීම් ඒ මොහොතේම යාවත්කාලීන වන අතර මෙම ඇප් පහසුකම ඉතාමත් පහසුවෙන් ගනුදෙනුකරුවන්ට භාවිතා කිරීමට හැකිය. මෙමගින් බොහෝ සමාගම්වල බිල්පත් අංක වලංගුභාවය ලබාදීමද කැපී පෙනේ. කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට ලැබෙන ප‍්‍රතිලාභ අතරට ක්ෂණිකව ලියාපදිංචිවීම, කරදරයකින් තොරව බිල්පත් ගෙවීමේ අවස්ථාව, LANKAQR භාවිතා කරන වෙළෙඳ ස්ථාන වලින් QR කේතය ස්කෑන් කර භාණ්ඩ හා සේවා සඳහා ගෙවීමේ අවස්ථාව අයත් වේ.

    කොමර්ෂල් බැංකුවේ Q+ ඉතාමත් ශක්තිමත් අති නවීන ජංගම දුරකතන ඇප් පහසුකමක් වන අතර එය ඇන්ඩ්‍රොයිඞ් සහ iOS යන දෙවර්ගයේම උපකරණවල භාවිතා කළ හැකිවේ. මෙය LANKAQR යටතේ එළිදැක්වූ ක්ෂණික ප‍්‍රතිචාර (QR) පදනම් කරගත් පළමු ගෙවීමේ ඇප් පහසුකම වන අතර කාඞ්පත් හිමියන් සහ වෙළෙඳුන්ට කිසිදු කරදරයකින් තොරව ගෙවීම් කිරීමේ අවස්ථාව ලබාදෙමින් එය නිර්මාණය කර තිබේ. මේ සඳහා ලියාපදිංචි වීමට ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ මාස්ටර්කාඞ්, වීසා ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් භාවිතා කළ හැකිවේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.