කොමර්ෂල් බැංකුව යළි දිග් විජය කරයි

    July, 14, 2015

    එක්සත් රාජධානියෙහි ‘ද බෑන්කර්’සඟරාව විසින් වාර්ෂිකව එළි දක්වන වර්ගීකරණයට අනුව අඛණ්ඩව නැවත වරක් ලොව බැංකු 1000 අතරට පිට පිටම පස්වන වතාවටත් පැමිණීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ.

    මෙම වර්ගීකරණය සඳහා බැංකුව විසින් 2014 වසරේදී පෙන්වූ ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක යොදාගෙන තිබෙනඅතර ගිය වසරේ වර්ගීකරණයට වඩා ස්ථාන 39 ක් ඉදිරියට පැමිණීමට මෙවර කොමර්ෂල් බැංකුව සමත්ව තිබීම කැපීපෙනෙන කාරණාවකි.

    පළමුපෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය, වත්කම්, ප‍්‍රාග්ධන වත්කම් අනුපාතය, බදු වලට පෙර ලාභය, ප‍්‍රාග්ධනයට අදාළ ප‍්‍රතිලාභ, වත්කම් වලට අදාළ ප‍්‍රතිලාභ, බාසල් ප‍්‍රාග්ධන අනුපාතය, සමස්ත ණයවලින්අක‍්‍රීය ණය අනුපාතය, වත්කම් අනුපාතයට සාපේක්ෂව ණය, සමස්ත වත්කම් අනුපාතයට සාපේක්ෂව බර තබන ලද වත්කම් අවධානම, අදායමට සාපේක්ෂව වියදම්අනුපාතය යන කරුණු පදනම් කරගනිමින් ලොව හොඳම බැංකු 1000 තෝරාගෙන ඇත.

    ලොව හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම සකස් වන්නේ ලොව විශාලතම බැංකු 5,000 කට අධික සංඛ්‍යාවක දත්ත උපයෝගීකර ගනිමිනි.

    බැංකු වර්ගීකරණය හා විශ්ලේෂණය සම්බන්ධ මිණුම්දණ්ඩක් ලෙස ගෝලීය මූල්‍ය ප‍්‍රජාව මෙයපිළිගෙන ඇත.

    2015 වසරේ ලොව හොඳම බැංකු වර්ගීකරණය සඳහා විමර්ශනය කරන වසරේදී කොමර්ෂල් බැංකුව විසින් බදු වලට පෙර රුපියල් බිලියන 15.7 ක ලාභයක් ලබා තිබෙන අතර ලබාදී තිබෙන සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 463.6 කි. මීටඅමතරව, රුපියල් බිලියන 529.4 ක තැන්පතුද, රුපියල් බිලියන 74.4 ක දළආදායමක්ද, රුපියල්බිලියන 795.6 ක වත්කම්ද, 12.93% ක පළමුපෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතයක්ද සලකා බලන වසරේදී බැංකුව සතුවේ.