කොමර්ෂල් බැංකුව විසින් මෙරට ප‍්‍රථම පූර්ණ ස්වයංක‍්‍රීය චෙක්පත් තැන්පතු යන්ත‍්‍රය ස්ථාපිත කරයි

    September, 12, 2018

    කොමර්ෂල් බැංකුව විසින් මෙරට ප‍්‍රථම පූර්ණ ස්වයංක‍්‍රීය චෙක්පත් තැන්පතු යන්ත‍්‍රය කොළඹ යෝර්ක් වීදියේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවේ දී ස්ථාපිත කර ඇත.

    චෙක්පත් සහ ගිණුම් විස්තර තැන්පතු පතෙහි ලිවීමට කාලය වැය කරනු වෙනුවට යන්ත‍්‍රයට ගිණුම් අංකය සහ දුරකථන අංකය පමණක් ඇතුළත් කිරීමෙන් මෙම චෙක් තැන්පතු යන්ත‍්‍රය සම`ගින් පහසුවෙන් ගනුදෙනු කළ හැකිය.

    මෙම යන්ත‍්‍රය චෙක්පත් ස්කෑන් කර පරීක්ෂා කරමින් අවශ්‍ය සියලු තොරතුරු උකහා ගන්නා අතර තැන්පත්කරුවන්ට මනා පහසුවක් සලසමින් කාලය ද ඉතිරි කරයි. මෙම යන්ත‍්‍රය භාවිත කරමින් එකවර චෙක්පත් 25ක් දක්වා තැන්පත් කළ හැකිි අතර චෙක්පත්වල පිටපත් සහ රිසිට්පත් ලියාපදිංචි වූ ඊමේල් ලිපිනය හරහා ගිණුම් හිමියා වෙත ලැබෙනු ඇත. මීට අමතරව තැන්පත්කරුවන්ට  යන්ත‍්‍රයෙන් ස්කෑන් කළ චෙක්පත් දෙකක පිටපත් සහ රිසිට්පත් ලබා ගත හැකිය.

    මෙම යන්ත‍්‍රය තුළින් චෙක්පත් හරහා ජල, විදුලි, දුරකථන වැනි බිල්පත් ගෙවීමේ පහසුවද සලසයි. නුදුරු අනාගතයේදී මෙම යන්ත‍්‍ර සෙසු ශාඛාවලද ස්ථාපිත කිරීමට බැංකුව සැලසුම් කර ඇත.

    සේයාරුවෙන් දැක්වෙන්නේ තැන්පතුකරුවෙකු විසින් කොමර්ෂල් බැංකුවේ නවතම පූර්ණ ස්වයංක‍්‍රීය චෙක්පත් තැන්පතු යන්ත‍්‍රය භාවිතා කරන ආකාරයයි.