කොමර්ෂල් බැංකුව සිය ද්විත්ව සන්නාමකරණය කළ ලෝයල්ටි ඩෙබිට් කාඞ්පත් වැඩසටහන ජැට් හෝල්ඩින්ග්ස් සමග පුළුල් කරයි

    June, 25, 2019

    මෙරට ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිඞ් කාඞ්පත් සමස්ත භාවිතය අතින් වෙළඳපොළ ප‍්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව විසින් ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ ‘සෙයලැක්’ ලෝයල්ටි පාරිභෝගිකයින් සඳහා ලෝයල්ටි ඩෙබිඞ් කාඞ්පත් වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ශක්තිමත් සමූහ සන්නාමයක් වන ජැට් හෝල්ඩින්ග්ස් විසින් ‘කොමර්ෂල් බැංකු-සෙයලැක් ලෝයල්ටි ඩෙබිඞ් කාඞ්පත’ සඳහා ඒකාබද්ධ වෙමින් පක්ෂපාතී කොන්ත‍්‍රාත්කරුවන්, වඩුකාර්මිකයින් සහ දැව භාණ්ඩ නිෂ්පාදකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කැපවී තිබේ.

    මෙහිදී, ලියාපදිංචි ගනුදෙනුකරුවන්ට ජැට් හෝල්ඩින්ග්ස් වෙතින් සෙයලැක් වෝටර්බේස් දැව ආලේපන මිලදීගැනීමේදී ලෝයල්ටි ලකුණු රැස්කර ගත හැකි අතර කොමර්ෂල් බැංකුව විසින් සිය ඩෙබිට් කාඞ්පත් හිමියන්ට ලබාදෙන සියළුම ප‍්‍රතිලාභ, දීමනා සහ ප‍්‍රවර්ධනයන් ඔවුන්ට හිමිකර ගැනීමේ අවස්ථාව ලැබේ.

    මේ සඳහා චිප් එකකින් සමන්විත නියර් ෆීල්ඞ් සන්නිවේදන (NFC& ‘ටැප් ඇන්ඞ් ගෝ’ තාක්ෂණයෙන් සමන්විත කාඞ්පතක් කාඞ්පත් හිමියාගේ කොමර්ෂල් බැංකු ඉතිරි කිරීමේ ගිණුම් සමග සම්බන්ධ කරන අතර එම ගිණුම් වලින් මුදල් වියදම් කරන විට සෑම මාසයකම ලෝයල්ටි ලකුණු රැස්කර ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලබාදී තිබේ. මෙසේ රැස්කර ගන්නා ලෝයල්ටි ලකුණු ඔවුන්ගේ ලෝයල්ටි ඩෙබිට් කාඞ්පත් මගින් වැය කළ හැක.

    ‘කාඞ්පත් හිමියෙකු රැස්කර ගන්නා සෑම ලකුණක්ම රුපියලක වටිනාකමට පරිවර්තනය කරනවා. මෙම මුදල් ඔවුන්ට ගනුදෙනු කිරීමේදී වියදම් කරන්න පුළුවන්. මෙසේ ජැට් හෝල්ඩිනිග්ස් සමග ඒකාබද්ධවීමේ අරමුණු වලින් ප‍්‍රධාන එකක් වන්නේ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරන ගමන්ම බැංකු පද්ධතියෙන් විශාල ලෙස ප‍්‍රතිලාභ ලබාගත හැකි කණ්ඩායමක් වෙත එම අවස්ථාව ලබාදීමයි,’ යනුවෙන් මෙම වැඩසහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා පැවසීය.

    ජැට් හෝල්ඩින්ග්ස් වෙතින් සෙයලැක් වෝටර්බේස් දැව ආලේපන මිලදීගැනීමේදී ලෝයල්ටි ලකුණු රැුස්කර ගැනීමට අමතරව කොමර්ෂල් බැංකුවේ පාර්ශවකාර වෙළඳසැල් වලදී ‘කොමර්ෂල් බැංකු-සෙයලැක් ලෝයල්ටි ඩෙබිඞ් කාඞ්පත’ භාවිතා කිරීම මගින් කාඞ්පත් හිමියන්ට මැක්ස් ලෝයල්ටි ප‍්‍රතිලාභ ලකුණු ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.

    කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් සහ ඩෙබිට් කාඞ් මගින් පුළුල් පරාසයක විහිදුණු ප‍්‍රතිලාභ ලබාදෙමින් වසර පුරාම ප‍්‍රවර්ධන වැඩසටහන් සිදු කරයි. එසේම, සිය මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් වැඩසටහන යටතේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් හිමියන් යන කණ්ඩායම් දෙක සඳහාම ලෝයල්ටි රිවෝර්ඞ්ස් ලබාදුන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මීට අමතරව, සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ් සඳහාද ලබාදුන් මෙරට ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස කොමර්ෂල් කැපී පෙනේ.

    ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කාඞ්පත් ලෙස කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් සැලකෙන අතර සමස්තයක් ලෙස ගත්විට මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානය ගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් හා ඩෙබිට් කාඞ් සමත්ව තිබේ. බැංකුව විසින් Visa සහ Mastercard මෙන්ම UnionPay සන්නාම යටතේ Classic, Gold සහ  Platinum මට්ටමින් ණයපත් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite මෙන්ම UnionPay Diamond කාඞ්පත් නිකුත් කරයි. මෙම ‘Tap & Go’ NFC තාක්ෂණයෙන් යුක්ත වන අතර ඉතාමත් ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයක සහාය මේ සඳහා හිමිවේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 846 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසර වලදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.

    1993 වසරේදී ආරම්භ කළ ජැට් හෝල්ඩින්ග්ස් සමාගම ආයතනික කීර්තිය, මූල්‍ය ශක්තිය සහ සන්නාම පිළිගැනීම සමගින් ලෝකයේ ප‍්‍රචලිත සන්නාම හිමිකාරීත්වයක් සහිත සමූහ ව්‍යාපාරයක් ලෙස මේ වනවිට සංවර්ධනය වී තිබේ. සමාගම ආරම්භයේදී දැව ආලේපන අලෙවිය සඳහා යොමුවී තිබුණත් පසුව සිය ව්‍යාපාරික කටයුතු තීන්ත, ගෘහ භාණ්ඩ, තාක්ෂණය, තට්ටු නිවාස සහ කෘෂි කර්මාන්තය දක්වා පුළුල් කර ඇත.

    ජැට් හෝල්ඩින්ග්ස් සමාගම ප‍්‍රමුඛතම ඉතාලි සන්නාමයක් වන සෙයලැක් නිෂ්පාදන මෙරට අලෙවි කිරීමේ ප‍්‍රධාන නියෝජිතයා ලෙස 1993 වසරේ සිට කටයුතු කරන අතර බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ මාලදිවයන තුළද සමාගම සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කර තිබේ.

     

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා (දකුණේ සිට 04 වැන්නා& සහ ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, නිසල් ෆර්ඩිනැන්ඩෝ මහතා අදාළ ගිවිසුම හුවමාරු කරගනී. මෙම අවස්ථාවට (වමේ සිට& ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ අභ්‍යන්තර විගණන සහ ක‍්‍රියාවලී විශිෂ්ටත්ව පිළිබඳ ප‍්‍රධානී, ජූඞ් ෆ්‍රෙඞ්රික් මහතා, ඩිජිටල් අලෙවිකරණ කළමනාකරු පුබුදු ගොකරැල්ල මහතා, සන්නාම කළමනාකරු සක්බෝ කොහොන මහතා සහ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා, කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා සහ කාඞ්පත් මධ්‍යස්ථානයේ කළමනාකරු, අසංක ක‍්‍රිෂාන් මහතා සහභාගී විය.