කොමර්ෂල් බැංකුව ‘Achiever‘ ගිණුමේ අවස්ථාවන් දෙගුණ කරයි

    March, 9, 2018

    පුළුල් තරුණ විධායක කණ්ඩායමක් සඳහා සේවා ලබාදීමට ආකර්ශනීය ප‍්‍රතිලාභ මාලාවක්

    අවුරුදු 18-35 අතර තරුණ කණ්ඩායමේ අළුත් බලාපොරොත්තු සහ අවශ්‍යතා වලට ගැලපෙන ලෙස කොමර්ෂල් බැංකුව විසින් තරුණ විධායක නිළධාරීන් ඉලක්ක කරගෙන එළිදක්වා තිබෙන ඉතාමත් ජනප‍්‍රිය Achiever ජංගම ගිණුම යළිත් වතාවක් නව අංගෝපාංග සහිතව එළිදක්වා තිබේ.

    මෙම ඉලක්කගත වයස් කණ්ඩායමේ සිටින මාසයකට රුපියල් 25,000 ක් හෝ එයට වැඩි වැටුපක් උපයන තරුණ විධායක නිළධාරීන්ට අවම වශයෙන් රුපියල් 10,000 ක් තැන්පත් කරමින් Achiever ජංගම ගිණුමක් විවෘත කළ හැකිවේ. කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ Achiever ජංගම ගිණුම් හිමියන්ට පොයින්ට් ඔෆ් සේල් සහ අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා NFC (Near Field Communication) ‘tap and go’ තාක්ෂණය සහිත ඩෙබිට් කාඞ්පතක් හිමිවන බවත් ක්‍රෙඩිට් කාඞ්පතක් සඳහා අයදුම් කිරීමේදී සම්බන්ධවීමේ ගාස්තුව සහ පළමු වසරේ වාර්ෂික ගාස්තුව අය නොකරන බවයි.

    මීට අමතරව, මෙම ගිණුම් හිමියෙකුට තමන්ගේ ක්‍රෙඩිට් කාඞ්පතේ භාවිතා නොකළ වටිනාකමින් 75%ක් දක්වා පෙර අනුමත කළ ණය පහසුකම් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකි අතරම තම මාසික වේතනය හෝ ආදායම මෙන් දෙගුණයක මුදල් ප‍්‍රමාණයක් බැංකු අයිරා පහසුකමක් ලෙස කොමර්ෂල් බැංකුවෙන් ක්ෂණිකව ලබාගත හැකි අතර එහිදී හිමිවන උපරිම මුදල් ප‍්‍රමාණය රුපියල් 300,000 කි. එසේම, ඇපකරුවන් නොමැතිව බැංකුවේ ඇගයීම මත තම මාසික වේතනය මෙන් 15 ගුණයක් රුපියල් මිලියන 03 ක උපරිමයක් දක්වා ණය හා කල්බදු පහසුකම් මෙම ගිණුම් හිමියන්ට කොමර්ෂල් බැංකුවෙන් ලබාගැනීමේ අවස්ථාවද ලබාදී තිබේ.

    මීට අමතරව, Achiever ජංගම ගිණුම් හිමියන්ට තම අතිරික්ත මුදල් සඳහා ‘Super Saver’ ඉතිරිකිරීමේ ගිණුමක් මගින් ඉහළ පොලියක් උපයා ගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී ඇත. බැංකුව විසින් මෙම ගිණුම නොමිලේ ආරම්භ කර දෙන අතර පවත්වාගත යුතු අවම ශේෂය පදනම් කරගනිමින් මෙම ගිණුම් දෙක ඒකාබද්ධ කර දෙනු ලැබේ.

    මේ අතර, සෑම Achiever ගිණුම් හිමියෙකුම අන්තර් ජාල බැංකු කටයුතු වලට පිවිසීමේදී සම්බන්ධවීමේ හා පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කිරීමටද බැංකුව කටයුතු කර ඇත. මෙහිදී, ගිණුම් හිමියා විසින් ඊ-වාර්තා ගෙන්වා ගැනීමට කටයුතු කරනවා නම් අන්තර්ජාල බැංකු පහසුකම් සඳහා වාර්ෂික ගාස්තු අය නොකිරීමට බැංකුව කටයුතු කරයි. බැංකුව සඳහන් කරන්නේ බැංකුවේ ඊ-පාස්පොතද මෙම ගිණුම් හිමියන්ට නොමිලේ ලබාදෙන බවයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හත් වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 761 ක් සහ බැංකු ශාඛා 256 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.