කොමර්ෂල් බැංකුව LankaPay ජාලය සමඟ තවත් අලූත් පියවරක් තබයි

    January, 22, 2018

    LankaPay ගනුදෙනු සඳහා EMV සැකසුම සක‍්‍රීය කරයි

    EMV (Europay, Mastercard and Visa) සඳහා සම්පූර්ණයෙන් අනුකූලතාවය දැක්වූ ශ‍්‍රී ලංකාවේ පළමු ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය EMV ඉන්ටර්ගේ‍්‍රටඩ් සර්කිට් මගින් ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු සඳහා සම්පූර්ණ ටෙලර් යන්ත‍්‍ර ජාලය සක‍්‍රීය කර තිබේ.

    බැංකුවේ සමස්ත EMV චිප් කාඞ් මාලාව (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත්) LankaPay ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතිය හරහා ආරක්ෂාකාරී ලෙස ගනුදෙනු කිරීම සඳහා සක‍්‍රීය කරන මෙරට පළමු බැංකුව බවට පත්වන්නේද කොමර්ෂල් බැංකුවයි. මේ අනුව, LankaPay ටෙලර් යන්ත‍්‍ර ජාලය සමග සම්බන්ධ වී සිටින අනිකුත් බැංකුවල ටෙලර් යන්ත‍්‍ර වලින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඉතාමත් ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමිවේ.

    EMV යනු ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සහ පොයින්ට් ඔෆ් සේල් (POS) යන්ත‍්‍ර වලින් ගනුදෙනු කිරීමේ ආරක්ෂිත ක‍්‍රමයකිග මෙහිදී ගනුදෙනු ස්ථීර කරන්නේ ඒකාබද්ධ චිප් එකක් මගිනි. මෙමගින් කාඞ්පතේ තිබෙන දත්ත ව්‍යාජ ලෙස භාවිතා කිරිම වලක්වාලනු ලබයි. ‘පාරිභෝගිකයින්ට අර්ථාන්විත ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව නව්‍ය වූ තාක්ෂණයන් වෙත අවධානය යොමු කරනවාල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. ‘මෙම නවතම වර්ධනය ඉතාමත් වැදගත් වන්නේ මෙමගින් ගනුදෙනු ආරක්ෂාව ඉලක්ක කරන නිසයි. LankaPay ජාලය සඳහා අපගේ සමස්ත ටෙලර් යන්ත‍්‍ර පද්ධතියම EMV පිළිගන්නා තත්ත්වයට පත්කිරීම මගින් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල්කරණය තුළ කොමර්ෂල් බැංකුව සිටින ඉහළම තත්ත්වය අපි නැවත වතාවක් පෙන්වා තිබෙනවා.’

    MasterCard, Visa සහ Union Pay යන ජාත්‍යන්තර කාඞ්පත් සඳහා කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර ජාලය මේ වනවිටත් EMV සහතිකකරණය ලබා තිබේ.

    දුරෙයිරත්නම් මහතා පැවසුවේ කොමර්ෂල් බැංකුව සතුව දිවයින පුරා ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 756 ක ජාලයක් තිබෙන බවත් බැංකු ශාඛා වලින් පිට බස් නැවතුම් පොළවල්, දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථාන වලත් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර බොහෝ ප‍්‍රමාණයක් පිහිටුවා තිබෙන බවයි. මේ අනුව, බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර පද්ධතිය LankaPay සමග ඒකාබද්ධවීම තුළින් මහජනතාවට වැඩි ප‍්‍රතිලාභයක් හිමිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    LankaPay අයත් වන්නේ ලංකා ක්ලියර් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමටයි. ලංකා ක්ලියර් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම 2002 වසරේ පෙබරවාරි මාසයේදී සංස්ථාපනය කර තිබෙන්නේ ජාතික චෙක්පත් නිෂ්කාශනාගාරය ලෙසයි. අද වනවිට, මෙම සමාගම හඳුන්වන්නේ මෙරට ‘ජාතික ගෙවීම් යටිතල පහසුකම් සපයන්නා’ ලෙසිනි. මෙම සමාගම අයත් වන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුවට සහ මෙරට තිබෙන සියළුම බලපත‍්‍රලාභී කොමර්ෂල් බැංකු වලටයි. මෙම සමාගම විසින් බැංකු වලට පමණක් නොව ශ‍්‍රී ලංකාව කාර්යක්ෂම, හරිත සහ කඩදාසි රහිත රටක් බවට පත්කිරීම සඳහා නවතම ඩිජිටල් තාක්ෂණයට යොමුවීමට බලාපොරොත්තුවන සියළුම කර්මාන්ත සඳහා බහුවිධ විසඳුම් ලබාදෙයි.

    ලංකා ක්ලියර් සමාගම විසින් හදුන්වා දී තිබෙන ‘ලංකා පේ’ නැමති පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු ක‍්‍රමවේදය (CEFTS) ඔස්සේ කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම භාවිතා කරමින් බැංකුවේ ගිණුම් තුළින් අනිකුත් බැංකුවල ගිණුම් වෙත ක්ෂණයකින් ඒ මොහොතේම මුදල් අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව මීට වසර දෙකකට පෙර කොමර්ෂල් බැංකුව ලබාදුන්නේ ලංකාවේ පළමු වරටයි.

    ශ‍්‍රී ලංකාවේ පුද්ගලික වාණිජ බැංකුවක් සතු විශාලතම ටෙලර් යන්ත‍්‍ර ජාලය කොමර්ෂල් බැංකුවට අයත් වන අතර සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සමයන් සහ නත්තල් සමයන්හිදී මෙම ජාලය විසින් මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා බොහෝ වාර්තා තබා තිබීම කැපී පෙනේ. Mastercard, Maestro, Cirrus, Visa, Plus, Amex, UnionPay, Discover සහ Diner’s Club යන ජාත්‍යන්තර ජාල සමගද කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය සම්බන්ධ වී සිටින නිසා මෙරටට පැමිණෙන විදේශිකයින්ට ඔවුන්ගේ විදේශ ගිණුම් වලින් මෙරටදී කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර තුළින් මුදල් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත.

    EMV Chip තාක්ෂණයෙන් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය (ATM) සවිබල ගැන්වීම නිසා කොමර්ෂල් බැංකුවේ සියළුම ටෙලර් යන්ත‍්‍ර විසින් ‘මැග්නටික් සිටි‍්‍රප් ඬේටා’ වලට අමතරව ‘ස්මාර්ට් කාඞ් ඉන්ටගේ‍්‍රටඞ් සර්කිට් (IC) ඬේටා’ පදනම් කරගත් ගනුදෙනු පිළිගනිමින් ඒවා සිදුකරයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හත් වතාවක් තේරී පත්වූ අතර 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබේ. කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර ඇත.
    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කර ඇත.