කොමර්ෂල් බැංකුව, Q+ ඇප් පහසුකමට සහ CRM ජාලයට AIA රක්ෂණ සමාගමේ රක්ෂණ වාරික ගෙවීම් ඒකාබද්ධ කරයි

    March, 28, 2022

    AIA රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට සිය රක්ෂණ වාරික මුදල් පහසුවෙන් ගෙවීම සඳහා විකල්ප විසඳුම් දෙකක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකමට සහ දිවයින පුරා පිහිටි බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) ජාලයට AIA රක්ෂණ සමාගම සම්බන්ධ කර ඇත.

    මෙම පහසුකම තුළින් රක්ෂණ ඔප්පුහිමියන්ට වසරේ  ඕනෑම දිනයක,  ඕනෑම වේලාවක සහ  ඕනෑම තැනක සිට රක්ෂණ වාරික මුදල් ගෙවීමට අවස්ථාව හිමිවේ. මේ අතරම, මෙම ගෙවීම් කළ විගසම යාවත්කාලීන වන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

    විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතයෙන් පසුව බැංකුවකට නොපැමිණ පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමට පාරිභෝගිකයින් තුළ තිබෙන උනන්දුව වැඩිවීම හමුවේ බැංකුව විසින් අඛණ්ඩවම සිය ගෙවීම් විකල්පයන් විවිධාංගීකරණය සහ ඩිජිටල්කරණය කරමින් තිබෙන බව කොමර්ෂල් බැංකුව පවසයි.

    AIA රක්ෂණ ඔප්පුහිමියන්ට මේ වනවිට App Store හෝ Google Play Store වෙතින් Q+ ගෙවීමේ ඇප් පහසුකම සිය ස්මාර්ට් ජංගම දුරකතනවලට ඩවුන්ලෝඞ් කරගෙන ඒ තුළින් ඉතාමත් පහසුවෙන් රක්ෂණ වාරික හිඟ මුදල් ගෙවිය හැකි අතර ඒ සඳහා භාවිතා කරන්නාගේ හැඳුනුම සහ ඊ-මේල් ලිපිනය වැනි ඉල්ලා සිටින තොරතුරු ලබාදී Q+ ගෙවීමේ ඇප් ගිණුමක් නිර්මාණය කරමින් ඇතුළත් විය යුතුවේ. මෙහිදී, රක්ෂණ වාරික මුදල් ගෙවීම සඳහා රක්ෂණ ඔප්පුහිමියන් සිය කොම්බෑන්ක් ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් මෙම ඇප් පහසුකමට ඒකාබද්ධ කළ යුතුය. ඒ සඳහා ඇප් පහසුකමේ තිබෙන ‘Bill Payment’ මෙනුව ක්ලික් කර සේවා සම්පාදකයා ලෙසින් ‘AIA Insurance’ තෝරාගෙන අවශ්‍ය තොරතුරු ඇතුළත් කළ යුතුවේ.

    මීට අමතරව, AIA ඔප්පුහිමියන්ට සිදුකළ රක්ෂණ වාරික ගෙවීමේ තොරතුරු ‘Favourites’ තුළ ගබඩා කර ගැනීමට අවස්ථාව ලබාදීමෙන් යළිත් රක්ෂණ වාරික මුදල් ගෙවීම් කිරිමේදී නැවත නැවතත් සිය බිල්පත් ගිණුම් අංකයන් ඇතුළත් කිරීමෙන් වැලකී සිටිය හැකිවේ. බිල්පත් ගෙවීමේදී පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් (PIN) තිබෙන නිසා සමස්ත ක‍්‍රියාවලියම නිදහස් සහ සුරක්ෂිත එකක් වේ.

    මීට අමතරව, රක්ෂණ වාරික මුදල් ගෙවීමට AIA රක්ෂණ ඔප්පුහිමියන්ට රටපුරා පිහිටි කොමර්ෂල් බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) 275 කින් සමන්විත ජාලයෙන් එකකට ගොස් යන්ත‍්‍රයේ තිරයේ මුල් පිටුවේ තිබෙන ‘Cardless Deposits’ යන්න තෝරාගත හැකිවේ. ඉන්පසුව, ‘Bill Payments’ යටතේ AIA රක්ෂණ සමාගමේ බිල්පත් ගෙවීමට හැකිය.

    Q+ ගෙවීමේ ඇප් පහසුකමේ ගෙවීමේ ක්ෂේත‍්‍ර වලට අළුතෙන්ම ඇතුළත්වූ ක්ෂේත‍්‍රය ලෙස ‘රක්ෂණ’ අංශය සඳහන් කළ හැකිවේ. මේ වනවිටත්, මෙම ඇප් පහසුකම භාවිතා කරමින් ඬේටා රීලෝඞ්ස්, පෙර ගෙවුම් සහ පසු ගෙවුම් ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, සේවා බිල්පත්, ජලය සහ විදුලිය (ලංකා විදුලිබල මණ්ඩලය සහ LECO), ගාස්තු ගෙවන රූපවාහිනී, ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් සහ පෙර ගෙවුම් කාඞ්පත් ගෙවීම් යන ගෙවීම් සිදුකරනු ලබයි.

    ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.