March, 5, 2020
කොරෝනා වෛරසය (COVID-19) මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට වන නිශ්චිත බලපෑම රඳා පවතිනුයේ එම වෛරසයේ ගෝලීය ව්‍යාප්ති මට්ටම, එම ව්‍යාප්තිය පවතිනු ලබන කාල පරාසය සහ ප්‍රධාන ආර්ථිකයන් සහ වෙළෙඳ හවුල්කරුවන්ගේ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර වැනි සාධක මත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 අංක 02 මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව කියා සිටී. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනය වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
“පාරිභෝගික, අන්තර් සහ ආයෝජන භාණ්ඩ ආනයන් හි සැලකිය යුතු ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වීම හේතුවෙන් චීනය සමඟ පවතින ශ්‍රී ලංකාවේ ආර්ථික සම්බන්ධතාවන්ට මෙමඟින් සෘජුවම බලපෑම් ඇති විය හැකිය. ගෝලීය ආර්ථිකයේ ඇති විය හැකි පසුබෑම සහ සැපයුම් දාමයට ඇතිවන බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයනවලට මෙන්ම ඒ හා සම්බන්ධ සැපයුම්වලට ද බලපෑම් ඇති විය හැකිය.“
“චීනයෙන් පැමිණෙන සංචාරකයින්ගේ අඩුවීම හේතුවෙන් ඇති විය සෘජු බලපෑමට අමතරව ගෝලීය වශයෙන් සංචාරක ක්ෂේත්‍රය පසුබෑමට ලක්වීම ද ශ්‍රී ලංකාවේ සංචාරක අංශයට බලපානු ඇත. ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින රටවල මෙම වෛරසය පැතිරීම හේතුවෙන් ප්‍රේෂණ ගලා ඒම් සඳහා ද බලපෑම් ඇති විය හැකිය. ගෝලීය බලශක්ති මිල ගණන් සහ ජාත්‍යන්තර පොලී අනුපාතික පහළ යෑම තුළින් සුළු ප්‍රතිලාභයන් ඇති විය හැකි වුවද, ඉහත සඳහන් අහිතකර තත්ත්වයන් හි බලපෑම සාපේක්ෂව විශාල වනු ඇත.“
Video Story