කොල්ලුපිටියට කාමර 652ක සුපිරි හෝටලයක්. ඩොලර් මිලියන 70ක ආයෝජනයක්

    February, 22, 2022

    කොළඹ 03 ප්‍රදේශයේ කාම‍ර 652ක් සහිත සුඛෝපබෝගී නගර හෝටලයක් ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතිය
    දම්රෝ සමුහයට අයත් සමාගමක් වන ඩී.ආර්. හෝම් ඇප්ලයන්සස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය හා පියෙස්ට්‍රා පර්නිචර් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඩී.ආර්. ඉන්ඩස්ට්‍රීස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන ආයතන එක්ව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 70.4ක ආයෝජනයක් සහිතව කොළඹ 03 ප්‍රදේශයේ කාම‍ර 652ක් සහිත සුඛෝපභෝගී නගර හෝටලයක් ඉදි කිරීම සඳහා සැලසුම් කර ඇත.
    එම ව්‍යාපෘතිය 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් හඳුනාගෙන එකී පනත යටතේ අදාළ සහන පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
    ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් සලකා බැලීම සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිශ්චිතව දක්වා ඇති නියමිත ක්‍රියාවලිය ආරම්භ කිරීමටත්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රදානය කිරීමට නියමිත නිදහස් කිරීම්/සහනයන් නිශ්චිතව දක්වමින් 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(2) වගන්තිය යටතේ ගැසට් නිවේදනය පළ කිරීමටත් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
    ඡායාරූපය -Marino Beach Colombo හෝටලය