March, 20, 2020
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම පිළිබදව එම ක්ෂේත්රයේ විද්වතුන් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු නියෝජිතයන් 60 ක් අන්තර්ජාලය ඔස්සේ එකම මොහොතක සහභාගිවු සාකච්ජාවක් ඉකුත් 19දා පවත්වන ලදී.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මෙම සාකඡාව සංවිධානය කරන ලද අතර සැලැස්කොම් සහ ෆිටීස් (SLASSCOM and FITIS) යන ආයතන ඊට එක්වුහ.
සෞඛ්‍ය අමාත්‍යංශය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන එක්ව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නිපදවා ඇති වෛරස් ව්‍යාප්තියට අදාළ දත්ත හුවමාරු කර ගැනීමේ තාක්ෂණික මෙහෙයුම් පද්ධතිය පිළිබදව එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජික අචාර්ය සංජීව වීරවර්ණ මහතා මෙහිදී පැහැදිලි කරන ලදී.
මෙම ක්‍රියාවලිය තව දුරටත් වර්ධනය කර ගනිමින් ඉදිරියට ගෙනයෑම සදහා වු අදහස් හා යොජනා මෙහිදී ඉදිරිපත් විය. එමෙන්ම එළබෙන තත්තවයන් විමර්ශනය කරමින් මෙම සාකච්ජාව අඛන්ඩව ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවයද සහභාගි වුවන් පෙන්වා දෙන ලදී.
වෛරස් ව්‍යාප්තිය වලක්වා ගැනීමේදී දත්ත තීරණාත්මක සාධකයක් වන බවත් ඒ සදහා යොදා ගන්නා තාක්ෂණික යෙදවුම් විශාල පිටුවහලක් වන බව පෙන්වා දුන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජනන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික අර්බුද අවස්ථාවක තොරතුරු සන්නිවේදන ක්ෂේත්රයේ මෙම සහයෝගිතාව එකමුතුව විශාල සතුටක් බවයි.
තොරතුරු සන්නිවේදන ක්ෂේත්රයේ නියෝජිතයින් හැට දෙනෙක් පමණ අන්තර් ජාලය උපයෝගී කර ගෙන එකම මොහොතක සාකච්ජා මණ්ඩලයක් පැවැත්වීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ගත් පියවර මෙම අර්බුද අවස්ථාවේ අනෙකුත් රාජ්‍ය ආයතන වලටද ආදර්ශයක් වන බව එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික මනෝරි උනම්බුව මහත්මිය මෙහිදී පෙන්වා දෙන ලදී.
Video Story