ආරෝපිත විදුලිකෝෂ මඟින් බස්රථ ධාවනය කිරීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනය සඳහා වැය වන පිරිවැය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය උපයෝගි කර ගෙන ධාවනය කළ හැකි බස් රථ හඳුන්වා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත.
ඒ අනුව, කොළඹ වාණිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආරෝපිත විදුලිකෝෂ මඟින් ක්‍රියාත්මක බස්රථ ධාවනයට යෙදවීම වෙනුවෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, ප්‍රථම කොට විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් මත පදනම්ව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.