කොළඹ උද්ධමනය වාර්තාගත ලෙස පහළට

    June, 30, 2023

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මැයි මාසයේ වාර්තා වූ සියයට 25.2හි සිට 2023 ජූනි මාසයේ දී සියයට 12.0 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

    එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ පැවති සියයට 21.5 හි සිට 2023 ජූනි මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ පැවති සියයට 27.0 හි සිට 2023 ජූනි මාසයේ දී සියයට 16.2 ක් දක්වා පහළ ගොස් ඇත.

     

    Video Story

    Stock Market

    Exchange Rates