May, 11, 2020
සති 7කට පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද (11) දින විවෘත වුවද සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වහාම ගනුදෙනු අත්හිටුවීමට සිදුවිය.
මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම මෙයට හේතුවිය.
මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමකි.
මේ අනුව දිනය තුළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 10% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද දිනයට ගනුදෙනු තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇත.
අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 24.89ක් ලෙසින් වාර්තා වේ.
Video Story