කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රත්මලාන දශක පහකට පසු කාලසටහන්ගත ජාත්‍යන්තර කලාපීය ගුවන් මෙහෙයුම් ආරම්භ කරයි

    March, 28, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ”සෞභාග්‍යයේ ඉදිරි දැක්ම” අනුව යමින්, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත ශ‍්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය දියුණු කිරීම සඳහා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ දිගුකාලීන අරමුණු අනුව, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රත්මලාන (CIAR) දශක පහකට පසු නියමිත කාලසටහන්ගත ජාත්‍යන්තර කලාපීය ගුවන් ගමන් මෙහෙයුම් 2022 මාර්තු 27 දින ආරම්භ කරනු ලබයි.

    මාලදිවයිනේ රජයට සම්පූර්ණයෙන්ම අයත් මාලදිවයින් ජාතික ගුවන් සේවය වන අයිලන්ඞ් ඒවියේෂන් සර්විසස් ලිමිටඩ් හි ප‍්‍රධාන මධ්‍යස්ථානය වන වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන අතර ජාත්‍යන්තර කලාපීය ගුවන් ගමන් මෙසේ ආරම්භ කරනු ලබයි. වේලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රත්මලාන දක්වා, Q2 944, Dash 800 ගුවන් යානය පෙරවරු 8:45 ට කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන වෙත ගොඩබස්සවන ලද අතර, එකී ගුවන් යානය ජල ප‍්‍රහාරක ආචාරයක් මගින් පිළිගනු ලැබීය. අනතුරුව ඒ හා සමගාමීව එම පළමු ගුවන් ගමනත් සමග පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගැනීමේ සමාරම්භක උත්සවයක්ද සංවිධානය කර තිබිණ.

    මෙම ගුවන් යානය සහ පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගැනීම සඳහා විෂේශ ආරාධිත අමුත්තන් වශයෙන් යෞවන හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ශ‍්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මෙරට තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක මහතා, ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා* (පුද්ගලික* සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික* ජී ඒ චන්ද්‍රසිරි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ‍්‍රී ලංකා* (පුද්ගලික* සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ සඳහා සහභාගී විය.

    ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ‍්‍රී ලංකා* (පුද්ගලික* සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තයේ දියුණුවට දායක වීම සඳහා එහි සම්පත් ඵලදායී ලෙස භාවිතා කිරීමට උපායමාර්ගික වැඩ පිළිවෙලක් ක‍්‍රියාවට නංවන ලදී. එම අරමුණු හඹා යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස වසර 50කට පසු කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රත්මලාන සම්බන්ධ කරමින් මාලදිවයින වෙත කලාපීය ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට හැකි විය.

    ඒ අනුව මුලදී, ගුවන් සමාගම ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින අතර කාලසටහන්ගත ගුවන් ගමන්, (ආසන 50ක් සහිත ඩෑෂ්-8 ගුවන් යානා සතියකට තුන් වතාවක් ක‍්‍රියාත්මක කරන අතර 2022 මැයි සිට සංඛ්‍යාතය පහක් දක්වා වැඩි කෙරේ.

    ගුවන් ගමන් කාලසටහන
    Q2 944 MLE 0600 RML 0840 ඉරිදා/අගහරුවාදා/බ‍්‍රහස්පතින්දා
    Q2 945 RML 0940 MLE 1120 ඉරිදා/අගහරුවාදා/බ‍්‍රහස්පතින්දා

    ඉතිහාසය කෙටියෙන්

    1935 දී පිහිටුවන ලද කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොල, රත්මලාන (CIAR) ශ‍්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන අතර එය කළමනාකාරිත්වය සහ මෙහෙයවීම සිදුකරනුයේ සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ‍්‍රී ලංකා)
    (පුද්ගලික) සමාගම Airport and Aviation Service (Sri Lanka) (Private) Limited (AASL) විසිනි. 19 මෙරට සිවිල් ගුවන්සේවා කර්මාන්තය 1930 ගණන්වලදී ආරම්භ වූ අතර 1938 පෙබරවාරි මස 28 වන දින ආණ්ඩුකාර ශ‍්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් විසින් රත්මලාන ගුවන්තොටුපොලේ තැපැල් කාමරය භාවිත කාරමින් කොළඹ සහ මුම්බාහි අතර ගුවන් තැපැල් සේවාව ආරම්භ කිරීම සිදුවිය.

    1940 ගනන්වල ලෝක යුද්ධ සමයේ බි‍්‍රතාන්‍ය පාලනය යටතේ ධාවන පථ පහසුකම් සංවර්ධනය හා පුලූල් කිරීම සිදුකරන ලද අතර 1947 දි මෙරට ප‍්‍රථම ජාතික ගුවන්සේවය වන එයාර් සිලෝන් විසින් ජාත්‍යන්තර ගුවන් ගමන් ක‍්‍රියාත්මක කරන ලදි. ජාත්‍යන්තර ගුවන්සේවා කර්මාන්තයේ ජනප‍්‍රියත්වයත් සම`ග 1968 සිට එය කටුනායක නව ගුවන්තොටුපොල වෙත ගෙන යන ලදි. එවක පටන් ගුවන්තොටුපොල ශ‍්‍රී ලංකාවේ වානිජ අගනුවර වන කොළඹට සුවිශේෂී ද්වාරයක් ලෙස මෙරට ගුවන්සේවා කර්මාන්තයේ ප‍්‍රධාන භූමිකාවක් ගෘහස්ථ ගුවන්සේවා මධ්‍යස්ථානයක් ලෙස ඉටුකරමින් සිටී.

    2012 දී ගුවන්තොටුපොල හා ගුවන්සේවා (ශ‍්‍රී ලංකා) සමාගම විසින් කොළඹ ගුවන්තොටුපොල රත්මලාන නගර ගුවන්තොටුපොලක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද අතර එහි ප‍්‍රධාන අභ්‍යන්තර කාලසටහන් / වරලත් ගවන් ගමන් සඳහා අමතරව ජාත්‍යන්තර ආයතනික ජෙට් මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීමට සහ සමස්ත ගුවන් නියමුවන්ල ගුවන් ඉංජිනේරුවන් සහ ඒ ආශ‍්‍රිත සෙසු ප‍්‍රමුඛ වෘත්තීන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියාත්මක විය.

    නව සංවර්ධන ව්‍යාපෘති

    ගුවන්තොටුපලේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා දැනට පවතින පර්යන්ත ගොඩනැගිල්ල අවම පිරිවැය මත සැලසුම් කළ ජාත්‍යන්තර මෙහෙයුම් පහසු කිරීම සඳහා පරිවර්තනය කෙරේ. තවද, මගීන්ගේ ගමන් අත්දැකීම ඉහළ නැංවීම සඳහා දිගු මගී ගුවන්යානා ප‍්‍රවිෂ්ට දෙරටු සහිත ගොඩනැගිල්ලක් (පැරණි පර්යන්ත ගොඩනැගිල්ල අසල පිහිටි) දැනට පවතින හා අලූතින්ඉදිකරන ලද පර්යන්තයේ යටිතල පහසුකම් ජාත්‍යන්තර ගුවන්තොටුපලක සපුරාලීම සඳහා වන මූලික අවශ්‍යතා සියල්ලෙන් සමන්විත වේ. පර්යන්තයේ නව සංවර්ධනය හේතුවෙන් තීරුබදු රහිත, බැංකු, ආපනශාලා සහ අනෙකුත් මූලික මගී සේවා සඳහා සේවාපහසුකම් සැලසේ.

    ඉහත සඳහන් සියලූම ජාත්‍යන්තර මෙහෙයුම් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව සහ අදාළ නියාමන ආයතනවල අදාළ අනුමැතීන් හා ක‍්‍රියාපටිපාටි යටතේ සියලූ කටයුතු දියුණුකර සකස් කරනු ඇත.

    ගුවන්තොටුපොල හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) ජී ඒ චන්ද්‍රසිරි මහතා ප‍්‍රකාශ කළේ ”කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොල, රත්මලාන අශ‍්‍රිතව රාජ්‍ය ආයතන, තානාපති කාර්යාල, ප‍්‍රමුඛ ව්‍යාපාරික මධ්‍යස්ථාන, සුඛෝපභෝගී හෝටල්, සුඛෝපභෝගී මහල් නිවාස, සහාධිපත්‍ය සහ සාප්පු සංකීර්ණ ආදියට සමීපව ගුවන් තොටුපළ පිහිටා තිබීම ගුවන් තොටුපළේ උපාය මාර්ගික වටිනාකම ඉහළ නංවනු ඇති බවත් තවද, මාලදිවයිනට ජාත්‍යන්තර කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීම ශ‍්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා කර්මාන්තයේ දියුණුවට ඉමහත් දායකත්වයක් සපයනු ඇති බවත් ය. කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොල, රත්මලාන මෙම නව සංවර්ධනය සහ දිගුකාලීන උපාය මාර්ගික ඉලක්ක සමඟින් තත්ත්වය ඉහළ නැංවීමට සහ රටේ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වීමට එමෙන්ම දේශීය ගුවන් සේවා ක‍්‍රියාකරුවන් අදාළ අමාත්‍යාංශ සමඟ සමීපව කටයුතු කිරීමත් මේ හා සමගාමීව ආරම්භ වනු ඇති බවයි.”

    ගුවන්තොටුපොල හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) සමාගමේ අධ්‍යක්ෂක - අභ්‍යන්තර සහ කලාපීය ගුවන් තොටුපළ ඩිරෙඩි‍්‍ර ලිවේරා මහත්මිය ප‍්‍රකාශ කළේ, ”අපි මාලදිවයින් එයාර් සමඟ නව වෙළඳපල සම්බන්ධතා ගොඩනඟා ගනිමින් සිටින අතර, රත්මලාන කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට දකුණු ඉන්දියාවේ අනෙකුත් අපේක්ෂිත ගමනාන්ත වෙත කලාපීය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීම දිරිමත් කිරීම සහ පහසුකම් සැලසීම සඳහා අනාගතයේ අපි අනෙකුත් කලාපීය ගුවන් සමාගම් සමඟ අඛණ්ඩ සාකච්ඡුා පවත්වන අතර, මෙම ගුවන් තොටුපළ සංවර්ධනය කර ශ‍්‍රී ලාංකිකයින්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට ද නව අත්දැකීමක් ලබා දෙන දොරටුවක් ලෙස ස්ථානගත කරන බවයි. එසේම, ත‍්‍රාසජනක සහ විවේකය සොයන ගුවන් මගීන්හට ඕනෑම ගමනාන්තයකට ළඟා වීමෙන් ශ‍්‍රී ලංකාවේ ස්වභාවධර්මයේ, සංස්කෘතියේ, වන ජීවීන්ගේ සහ සුන්දර වෙරළ තීරයේ විවිධත්වය අත්විඳීමට නව දොරටුවක් ලෙස කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොල, රත්මලාන භාවිතා කළ හැකි බවයි.”

    අභ්‍යන්තර ගුවන්සේවා කමාන්තය නගා සිටුවීමේ උපායමාගික ඉදිරි පියවරක් ලෙස කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට නැරඹුම් ගුවන්ගමන් සියළුම අභ්‍යන්තර ගුවන්තොටුපල සම්බන්ධවන පරිදි පැකේජයන් හදුන්වාදී ඇත. මේ සමඟම මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපල පදනම් කරගනිමින් නැරඹුම් ගුවන්ගමන් ද හදුන්වාදී ඇත. තවදුරටත් මනරම් මඩකලපුව නගරය සහ ඒ අවට ප‍්‍රදේශවල දර්ශනීය උඩුගුවන් දසුන් දැකගැනීමට සහ විනෝදාස්වාද ගුවන් සවාරි සඳහා තවත් එවැනි පැකේජ ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු සකස් කිරීමට නියමිතය.

    කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළල රත්මලාන ආරම්භයේ සිටම සිය ප‍්‍රජාව සමග සහජීවනයෙන් නැගී එන කොළඹ මූල්‍ය නගරයේ නව සංචාරක යුගයක අපේක්‍ෂා සහිත ප‍්‍රද්ගලයන්ගේ (HNWIs) ඉහළ මට්ටමේ සංචාරක හා ව්‍යාපාරික සංචාරක අවශ්‍යතා සපුරාලමින් සිය සංවර්ධන උපායමාර්ගික වැදගත්කමද පෙරදැරිව ශ‍්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තයේ නව ඉදිරි ගමනක් කරා පියාසර කරනු ඇත.