කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයෙන් නිවේදනයක්

    May, 23, 2022

    තේ කර්මාන්තයේ සියලුම පාර්ශ්වකරුවන්, එනම් වගාකරුවන්, නිෂ්පාදකයින්, වැවිලි සමාගම් වතු, තැරැව්කරුවන් සහ අපනයනකරුවන්ගෙන් සමන්විත කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය (CTTA) ජාතිය මුහුණ දෙන පවතින තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් යුතුව දකී. දීප ව්‍යාප්ත විරෝධතාවලින් අනතුරුව මෑතකාලීනව සිදු වූ සිදුවීම් හේතුවෙන් සිදු වී ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතයට සහ ව්‍යාපාරවලට බාධා ඇති කරමින් තත්ත්වය තවත් උග්‍රවීම පමණි.

    වත්මන් රටෙහි පරිසරය වාණිජ කටයුතු සුමට ලෙස ක්‍රියාත්මක වීමට යහපත් නොවන අතර තේ වෙළඳාම සම්භන්ධවද එහි වෙනසක් නොවේ.

    කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය තරයේ විශ්වාස කරන්නේ ජනතාවගේ සාධාරණ කෑගැසීම්වලට රජය සවන් දිය යුතු බවයි. මෙම ඉල්ලීම්වලට කන් නොදුන්නේ නම් කර්මාන්ත ඇතුළු මුළු රටම ඇනහිටීම නිසා රටට අත්‍යාවශ්‍ය ආදායම අහිමි වේ. මෙම ප්‍රතිඵලය දැනටමත් දුර්වල වී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවත් අඩාල කරන බලපෑමක් ඇති කරනු ඇත.

    තේ කර්මාන්තය වටිනාකම් දාමයේ රැකියා කරන සියලුම අංශවල දළ වශයෙන් මුළු ජනගහනයෙන් 10% ක් වාර්ෂිකව ඩොලර් බිලියන 1.3 ක පමණ විදේශ ආදායමක් මගින් රටේ භාණ්ඩාගාරයට දායක වේ. ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතයෙන් ගැලවී නොගිය කැළඹිලි සහිත 2020 සහ 2021 වසරවලදී කුඩා වතු පවුල් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයකට ඔවුන්ගේ ආදායම සහ වතුකරයේ තේ සේවකයන්ට ඔවුන්ගේ වැටුප් සමාන ප්‍රමාණයක් ලැබෙන බව සහතික කිරීම සඳහා තේ කර්මාන්තය අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සඳහන් කිරීම වටී.

    වසර 155ක් පැරැණි තේ කර්මාන්තය පසුගිය දශකයන් තුළ ස්වභාවික විපත් සහ කැරලි ඇතුළු අභියෝග රැසක් ජය ගනිමින් කැපී පෙනෙන ලෙස ඔරොත්තු දුන් බව සත්‍යයකි. වසර 13කට පෙර අවසන් වූ 30 වසරක සිවිල් යුද්ධයේදී පවා ශ්‍රී ලංකා තේ කර්මාන්තය ජාත්‍යන්තර වෙළඳපොළට සැපයීම අඛණ්ඩව සිදු කළ අතර එමඟින් "සිලෝන් ටී" හි විශ්වසනීයත්වය පෙන්නුම් කරයි.

    පසුගිය සියවස් එකහමාරක කාලය තුළ සිදු කර ඇති පරිදි තේ ආනයනය කරන සියලුම රටවලට අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමට තේ කර්මාන්තයේ සියලුම පාර්ශවයන් කැපවී සිටී. මේ සඳහා රජයෙන් ලැබෙන සහයෝගය සහ පහසුව අතිශයින් වැදගත් වේ. කෙසේ වෙතත්, ප්‍රතිපත්ති සම්පාදකයින් කර්මාන්තයේ ප්‍රවීණයන්ට ඇහුම්කන් නොදීමේ වැරැද්ද නැවත නොකිරීම අත්‍යවශ්‍ය වේ. ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රටේ වත්මන් බරපතල තත්ත්වය ඇති කර ඇති අනුප්‍රාප්තික රජයන් විසින් ගනු ලැබූ වැරදි තීරණවල ප්‍රතිඵලයක් ලෙස ජනගහනයේ ඇතැම් දුක්ගැනවිලි ඇති වේ. මෙම ක්‍රියා හේතුවෙන් වර්තමානයේ අත්විඳින ආහාර හිඟයටද හේතු වී ඇත.

    බොහෝ ආයාචනා කළද, පොහොර ඇතුළු නිශ්චිත අත්‍යවශ්‍ය කෘෂිකාර්මික යෙදවුම් භාවිතය තහනම් කිරීමට තීරණ ගන්නා විට එවකට රජය විසින් තේ කර්මාන්තය කිසි විටෙකත් ගණන් ගත්තේ නැත. මෙම ක්‍රියාවන් නිසා රටට එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇති අතර, විශ්වාසවන්ත තේ පාරිභෝගිකයින් වෙනත් තේ නිෂ්පාදනය කරන රටවලට පලවා හැර ඇත. අකාබනික හෝ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට මෑතක දී ගත් තීරණය පසුගිය වසරේ අග භාගයේ සිට මේ දක්වා නිෂ්පාදනයේ විශාල පහත වැටීමකට හේතු විය. තවද මෙවැනි හිඟයක් නිසා රටට සිදුවන විදේශ විනිමය පාඩුව ගැන ඕනෑවට වඩා අවධාරණය කළ යුතු නැත.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ එහි පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හිතකර තීරණ සහ නිර්මාණාත්මක විසඳුම් යොදා ගනිමින් රටේ වත්මන් තත්ත්වය විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය නිහතමානීව රජයෙන් ඉල්ලා සිටී. පවතින තත්ත්වය වෙනස් කිරීමට වහා ප්‍රායෝගික පියවර ගතහොත් ජාතියක් වශයෙන් ආර්ථිකය ගොඩගැනීමටත් ශ්‍රී ලංකාව යළි ලෝක සිතියමට ගෙන ඒමටත් පමණක් නොව සංචාරකයින්ට සහ මෙරට වාසීන්ටත් අප රට පාරාදීස තෝතැන්නක් බවට පත්කිරීමට සාමූහිකව දායක විය හැකි බව අපි තරයේ විශ්වාස කරමු.  යුද්ධයට, ස්වාභාවික ව්‍යසනවලට සහ 2020 වසංගතයට මුහුණ දුන් විට අතීතයේ කළාක් මෙන් මෙම දුෂ්කර කාලය තුළ ශක්තිමත්ව සහ ඉවසිලිවන්තව සිටින ලෙස අපි සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉතා ඔිනෑකමින් ඉල්ලා සිටිමු.