කොළඹ වරාය නගරයට ඉන්දියාවත් එනවාද ? -ඇමති ඉරාන් සමග විශේෂ සාකච්ඡාව

    February, 26, 2015

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතිකළ විට ලක්ෂ 02 ක පමණ ජනතාවකට එහි වාසය කළ හැකි බවත් ඒ අර්ථයෙන් ගත්විට එය හොඳ අදහසක් බවත් මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

    ඔහු මෙහිදී පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු පිළිබඳව සොයා බලා ව්‍යාපෘතියේ ගැටලුවක් නොමැති නම් එය ක්‍රියාත්මක කිරීමට නව රජය කටයුතු කරන බවයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව සම්බන්ධ කර ගැනීමට අදහසක් තිබෙනවාදැයි අප ඔහුගෙන් ප්‍රශ්න කළේය.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න!