කොළඹ වරාය නගරයේ “ආනාගතයක දැක්ම” සිසු මුර්ති තරගයේ ජය ‘ලෝඩියා’ සහ ‘බුබුළු පවූරට’

    November, 18, 2020

    • මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්. ජවනීසන්ගේ “බුබුළු පවූර” නිර්මාණයට සන්නිවේදන පවූර (Interactive Wall) කාණ්ඩයේ ජය.
    • තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛ City School of Architecture කණ්ඩායමේ ‘ලෝඩියා’ නිර්මාණයට වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩයේ ජය.
    • ජයග්‍රාහකයින් සඳහා රු. 600,000/= මුදල් ප්‍රදාන.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ “අනාගතයක දැක්ම” ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේදී සන්නිවේදන පවූරු (Interactive Wall) කාණ්ඩය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන යාපනයේ ආර්. ජවනීසන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘බුබුළු පවූර’ (‘Wall of Bubbles’) නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත් අතර, වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩය යටතේ තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛකරගත් City School of Architecture කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලැබූ ‘ලෝඩියා’ (‘Lodiya’) නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත්තේය. මෙම ජයග්‍රාහී නිර්මාණ කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ කලාපයේ ඉදිරියෙදි ඉදිකිරීමට නියමිතයි.

    මෙම තරගයේ සමාප්තිය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2020 නොවැම්බර් මස 16 වන දින සවස 06 සිට සජීව විකාශයක් ලෙස කොළඹ වරාය නගර මුහුණුපොත ඔස්සේ විකාශනය කිරීමටද යොමුවිය.

    කාලයේ වෙනස්වීම සංකල්පය පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති ‘ලෝඩියා’ (‘Lodiya’) නිර්මාණය, වානේ සහ තඹ තහඩු ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට නියමිත අතර එය වරාය නගරයේ වෙරළ තීරයට සුන්දර දර්ශනයක් එක් කරනු ඇත. මෙම කාණ්ඩයේ අනුශූරතාවය පිළිවෙලින් Academy of Design සහ මොරටුව විශ්ව විද්‍යාලයේ රොෂෙල් ප්‍රනාන්දු සහ ලකල් පියරත්න විසින් දිනාගනු ලැබීය.

    වායු බුබුළු ආශ්‍රයෙන් නිර්මාණය කරනු ලැබූ සන්නිවේදන පවුර කාණ්ඩයේ ජයග්‍රාහී ‘බුබුළු පවූර’ (‘Wall of Bubbles’) නිර්මාණය, එහි ඇති ජල බුබුළු මඟින් ආතති ලිහිල් කිරීමටත් මුදාහැරීමටත් අවකාශය සළසයි. මෙම කාණ්ඩයේ අනුශූරයන් ලෙස මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ, මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ, කෙන්ට් විශ්ව විද්‍යාලයේ සහ ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ නෙත්මිනි ලියනගමගේ, ෂවේන්‍ද්‍ර ගුණතිලක, අසාමුල් හක් අබ්දුල් හලීම් සහ රන්ජක කල්හාර හෙට්ටිආරච්චි විසින් දිනාගනු ලැබීය. මෙහිදී මෙම සෑම කාණ්ඩයකම ජ්‍යග්‍රහකයන්හට රු. 300,000 බැගින්ද පිරිණමනු ලැබීය.

    මාසයක කාලයක් පුරා නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ පුළුල් වූ උපදේශන කාල පරිච්ඡේදයක් යටතේ පවත්වනු ලැබූ “අනාගතයක දැක්ම” (“Envision the Future”) තරගය, ශ්‍රී ලාංකීය යොවුන් කලා කුසලතා නිර්මාණ තුළින් කොළඹ වරාය නගරය වෙත ආකර්ෂණයක් හිමිකර ගැනීමේ අරමුණින් දියත් කරනු ලැබූ ව්‍යාපෘතියකි.

    මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සිව් දෙනෙකු වන රුචි ජයනාදන්, අනෝමා විජේවර්ධන, ශිලන්ති අභයගුණවර්ධන, ෂියා යුවාන් ගෙන් සමන්විත කණ්ඩායමක් මඟින් ඉදිරිපත් කරනු ලැබූ සියලුම නිර්මාණ සැළසුම් අධීක්‍ෂණ සහ විනිශ්චය කිරීම් සිදුවිය. මෙහිදී විනිශ්චය මණ්ඩල සාමාජිකයින් එක් එක් කාණ්ඩය යටතේ සහභාගී වූ තරඟකරුවන් අතරින් හොදම නිර්මාණ 10 තොරාගත් අතර,එයිනුත් හොදම නිර්මාණ 3 තෝරාගනු ලැබුවේ විශේෂ ශක්‍යතා කමිටුවක් මඟිනි. මෙමගින් තේරීපත්වූ නිර්මාණ 3 අවසන් වටය සඳහා ඉදිරිපත් කළ අතර ඔවුන් හට සිය නිර්මාණ සංකල්පය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නිර්මාණ ක්‍ෂේත්‍රයේ විශේෂඥයකු වන ඉස්මයිල් අබ්ඩීන් සහ ජූරි සභිකයන් සමඟ සති 5 ක උපදේශන සැසියක්ද ලබාදුන්නේය. මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා ලෝකප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පයකු වන සිසිල් බැලිමොඞ් මහතා ගෞරවනී විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ලෙසටද සහභාගී විය.

    මෙම තරගය දේශීය හෝ විදේශීය පිළිගත් විශ්ව විද්‍යාලයන් හි කලා, ගෘහ නිර්මාණ ශිල්පය, සැළසුම්, ඉංජිනේරු සහ / නිර්මාණශීලීත්වය හා සම්බන්ධ වෙනත් ඕනෑම ශාස්ත්‍රපති උපාධියක් හදාරණු ලබන ලාංකීය සිසුන් සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබාදුන් අතර, මෙහිදී ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාල නියෝජනය කරමින් අයදුම්පත් 400කට ආසන්න ප්‍රමාණයක් කොළම වරාය නගර ව්‍යාපෘතිය වෙත ලැබිණි. මෙම තරඟය හා සම්බන්ධ නිර්මාණ සංකල්ප උපදේශන කාර්යය සඳහා කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය Academy of Design ආයතනය දායකත්වය ලබාදුන් අතර, ARTRA සඟරාව නිල කලාත්මක සහකරු විය.